-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන පාසල් සිසුවියක ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව - මහවත්ත ජනපදයේ පදිංචිව සිටි ලොක්ක පත්තලාගේ රසිකා දුලානි (අවු:11) නම්වූ පාසල් සිසුවියකි. 

ඊයේ (28)සවස 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය පවසයි. 

මිය ගොස් ඇති දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටින අතර ඇය තම නිවුන් සොහොයුරිය හා පියා සමග ජීවත් වී ඇත. 

ඊයේ සවස දැරිය අසල්වැසි දරුවන් තම නිවස අද්දර සමග සෙල්ලම් කරමින් සිට ඇති අතර සුළු වේලාවකින් ඇය තම මිතුරු මිතුරියන්ගෙන් වෙන්වී ගොස් තිබේ. 

එසේ වෙන්වීයාමට හේතුව අනාවරණය වී නැති අතර පසුව දැරිවිය පදිංචි නිවසට ඉදිරි පිට පිහිටි නිවසේ කාමරයක ඇය ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන සිටියදී ඇයගේ සිරුර හමුවී ඇත. 

මේ බව වෙන්නප්පුව පොලීසියට දැනුම් දීමෙන් පසුව සිරුර මාරවිල මූලික රෝහලට ගෙනවිත් තිබේ. 

සැබවින්ම දැරිය ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්ද, එසේත් නැතිනම් කිසිවෙකු විසින් ඇයට අනතුරක් කොට පසුව එල්ලන ලද්දේද යන්න පිළිබඳ තහවුරු වී නොමැත. 

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos