එල් ටී ටී ඊ සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බව කියන කජිපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි නමැත්තා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ රාත‍්‍රියේ වව්නියාව නෙදුන්කර්නි ප‍්‍රදේශයේ දී ආරම්භ කෙරුණා. එහිදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය තිදෙනා අතර ගෝපි සහ තේවන් නැමැත්තෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
මේ වන විට වෙඩි වැදීම් තුවාල සහිත මියගිය හමුදා සොල්දාදුවෙකුගේ මළ සිරුරක් පදවිය රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසනවා.