-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී ඔවුන්ට අඩන්තෙට්ටම් කිරී‍ම සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටි හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 9 දෙනා අද මුදා හැරිණි.
ඒ, ජනාධිපති සමාව යටතේ ය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ සිටි එක් අයෙකු හා කළුතර බන්ධනාගාරයේ සිටි 8 දෙනෙකුට එලෙස නිදහස හිමි වූ බව ය.
ජනාධිපතිවරයාට ලැබී ඇති විශේෂ බලතල යටතේ මොවුන්ට නිදහස ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.
හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 9 දෙනෙකුට පසුගිය වසරේදී පානදුර මහාධිකරණය මගින් අවුරුදු හතර හමාර බැගින් බරපතළ සිර දඬුවම් නියම විය.
පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවූ විතිතිකරුවෙකුට ලිහිල් දඬුවම් පනවනු ලැබිණි.
2000 වසරේ ජනවාරි 26 වන දින රාත්‍රී 9.00ට පමණ රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යුවළගේ නිවසට කඩා වැදුණු හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ සාමාජිකයින් ඔවුන්ට අඩම්තේට්ටම් කලේ හිසකෙස් කපා දමමිනි.
ශරීරයට පෙට්‍රල් විසි කරමින් ඔවුන්ට අයත් ජීප් රථයක්, රන් භාන්ඩ ඇතුළු දේපළ ද කොල්ලකා ඔවුන් පළාගොස් තිබිණි.
ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේ, රූකාන්ත ගුණතිලක මහතා ජනාධිපතිවරයා හමුවී කළ ඉල්ලීමක් මත හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ජනපති සමාව හිමි වූ බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos