අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස තවත් තීව්‍ර වී තිබේ.
ඒ, ගුවන් යානයේ සිට අතුරුදන් වූවන් කිහිප දෙනෙකු සතුව තිබූ ජංගම දුරකතන නාද වූ බවට එම පුද්ගලයින්‍ගේ ඥානීන් දැනුම් දීම හේතුවෙනි.
මේ පිළිබඳව චීන මාධ්‍යවල තොරතුරු පළ කර තිබේ.
එම වාර්තාවල සඳහන් වන්නේ, අදාළ ඥාතීන් අතුරුදන් වූවන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකතනවලට අමතා ඇති අතර එම දුරකතන නාද වී ඇති බව ය.
කෙසේ වෙත ත්, එම දුරකතන ඇමතුම්වල එම අතුරුදන් වූවන් පිළිතුරු දී නොමැත.
අදාළ දුරකතන අංක මැලේසියානු ගුවන් සමාගමට මෙන් ම චීන පොලීසියට ද ලබා දී තිබේ.
මෙම ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් සංඛ්‍යාව 239 දෙනෙකි.
SOURCE: Foreign Media