-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයකු වන නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේලියක අතර විශේෂ හමුවක් සිදුවී ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.
එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි, මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේලිය ප්‍රධාන අමාත්‍යංශයක කාන්තා කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් වන ඉහළ තනතුරක් දරන්නියකි.
එසේම නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන පණිවුඩ එහා මෙහා රැගෙන යන්නේද මෙම ලේලිය විසිනි.
මේ වන විට ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් බරපතළ ලෙස කලකිරී සිටින මෙම නියෝජ්‍ය ඇමැතිවරයා මීට සති කිහිපයකට පෙර මාතලේ උකුවෙල පිහිටි රත්වත්තේ වලව්වේදී හිටපු ජනාධිපතිනිය මුණගැසී තිබේ.
ඉන් පසුව මෙලෙස තමන්ගේ ලේලිය අතේ හිටපු ජනාධිපතිනියට යැවූ පණිවුඩය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දැඩි කතාබහක් හටගෙන ඇත.
චන්ද්‍රිකා, රට ගොඩ නැගීමේ සටනේ !
මේ අතර හිටපු ජනාධිපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ලේදී ප්‍රකාශ කර ඇත්තේ, තමා දැන් දේශපාලනයෙන් ඉවත් වී සිටින නමුත්, රට ගොඩ නැගීමේ සටනට එක් වී සිටින බවයි.
'රටේ සබෑ වෙනසක් කිරීමට මේ දිනවල හැමෝම බලය ඉල්ලනවා .දේශපාලනඥයින් සොරකම් නොකිරීමට ඉගෙන ගත්තානම් අද රට සුරපුරයක්.'' යයි ද ඇය පවසන්නී ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos