-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනප්‍රිය අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් විසින් මාර්තු 17 වැනිදා එග් බර්ගර් නොමි‍ලේ ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආසියාව, මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ 6000කට අධික මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සංඛ්‍යාවක් අතරින් එක් අවන්හලකින් එග් බර්ගර් 1000 බැගින් උදෑසන ආහාරය වශයෙන් නොමි‍ලේ ලබාදීමට කටයුතු යෙදා තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොල්ලුපිටිය, රාජගිරිය, වැලිසර, නුගේගොඩ, කොටහේන, රේස්කෝස් සංකීර්ණය යන ස්ථානවල පිහිටා ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වලින් එක් අවන්හලකින් එග් බර්ගර් 1000 බැගින් නොමි‍ලේ ලබාදීමට කටයුතු යොදා ඇත. ඉහත සඳහන් මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සියල්‍ලේම පෙ.ව. 6.00 සිට නොමි‍ලේ එග් බර්ගර් දීමනාව ක්‍රියාත්මක වනු ඇත.

ආසියා පැසිපික් කලාපයේ, මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයන්වල මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන සන්නාම නිලධාරී ඇන්ඩෲ හිප්ස්ලි මහතා පවසා සිටියේ පසුගිය වසරේ මෙම වැඩ සටහනට හිමි වූ ඉහළ ප්‍රතිචාර නිසා මේ වසරේ දී නැවතත් මෙය පැවැත්වීමට තීරණය කළ බවයි. උදෑසන කාර්යබහුල ලෙස වැඩ රාජකාරී සඳහා යන ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රියව ඇති මැක්ඩොනල්ඩ්ස් උදෑසන ආහාර අතුරෙන් එග් බර්ගර් සඳහා ඉහළ ප්‍රතිචාර හිමිවන බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල් කළමනාකාර අධ්‍යක්ෂ රුසි පෙස්ටොන්ජි මහතා පැවැසුවේ පසුගිය වසරේ දී මෙන්ම මෙවරත් සියලුම මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල මෙම සුවිශේෂී වැඩසටහන සාර්ථකව දියත් කිරීමට සූදානමින් සිටින බවයි. උසස්ම ප්‍රමිතියෙන් යුතුව සාදන රසවත් බවින් අනූන මැක්ඩොනල්ඩ්ස් උදෑසන ආහාර දවසම ප්‍රබෝධමත් කරන හොඳම ආහාර වේලක් බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළේය.
මැක්ඩොනල්ඩ්ස් උදෑසන ආහාර අතුරෙන් එග් බර්ගර්, ඔමිලට් බර්ගර්, එග් ඇන්ඩ් සොසේජ් බර්ගර්, හෑෂ් බ්‍රවුන් මෙන්ම මෑතකදී හඳුන්වා දුන් සීනි සම්බල් බර්ගර් විශේෂිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week