බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට නාමයෝජනා භාර ගත් දින සිට මේ දක්වා ප්රධාන පක්ෂවල අපේක්ෂකයන් නීති විරෝධී ලෙස ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීමේ සිද්ධීන් 26 ක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත වාර්තා වී ඇත.
පොත්පත්. ජංගම දුරකථන, වියළි ආහාර හා මුළුතැන්ගෙයි උපකරණ මෙලෙස බෙදා දී තිබේ. මෙයට අමතරව ලැප්ටොප් පරිගණක ඇතුළු තවත් භාණ්ඩ වර්ග බෙදා දීමට සූදානම් වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
භාණ්ඩ බෙදාදීම් පිළිබඳ වැඩිම පැමිණිලි ප්රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ
මෙයට අමතරව ඡන්ද දායකයන් ගෙන්වා ආහාර සංග්රහ කිරීම, මත්පැන් ලබාදීම, මුදල් බෙදාදීම පිළිබඳවද පැමිණිලි ලැබී ඇතැයි එම සංවිධානය පවසයි.