තවත් විදුහල්පතිවරුන් හය දෙනකුගේ අයථා ක්‍රියා කලාපය සහ සිසු - සිසුවියන්ට මානසික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් නිර්නාමික පැමිණිලි ලැබී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුණෑගල කොතලාවල මහා විද්‍යාලයේ වෙනූෂා ඉමන්දි සිසුවිය සියදිවි නසා ගැනීමෙන් පසු එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව තම කාර්යාංශය කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමින් මේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග අදාළ විදුහල්පතිවරුන් හය දෙනාම මිශ්‍ර පාසල් නියෝජනය කරන බවද පැවැසීය.