දොම්පේ කුමාරිමුල්ල, කිරිඇල්ල සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ජනක උදයකුමාර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මැණික් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය.
අදාළ ප්‍රදේශවල බොහෝ දෙනෙකු අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටින අතර ප්‍රදේශවාසීන් ද දායක කර ගනිමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට අදහස් කරන බව ඔහු සඳහන් කළේය.
ඒ යටතේ ලැබෙන මැණික් වෙන්දේසි කිරිමෙන් උපයන ආදායමින් කොටසක් ව්‍යාපෘතියට දායකවන ප්‍රදේශවාසීන් අතර බෙදා හැරිමට නියමිත ය