2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරයේ අභ්‍යවකාශයේ සිට පටිගත කළ වීඩියෝ දසුන් පළමු වරට රූපවාහිනි නාලිකාවක් තුළින් විකාශය කිරීමට සූදානම් වේ. එසේ විකාශය කෙරෙන්නේ බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන චැනල් 4 ප‍්‍රවෘත්ති නාලිකාව මගිනි.
මෙම දර්ශන පෙළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි ෆ‍්‍රෑන්ක් කුල්බර්ට්සන් විසින් පටිගත කර ඇති අතර එ් මොහොතේදී එහි සිටි එකම ඇමරිකානුවා වූයේද ඔහු බව පැවසේ.
නිව්යෝක් නගරයේ යමක් සිදුවන බව දැනගත් වහාම ඔහු වීඩියෝ කැමරාවක් සමග මධ්‍යස්ථානයේ ජනේලයක් අසලට ගොස් තිබේ.
කුබර්ට්සන් පවසන්නේ මැන්හැට්න් ප‍්‍රදේශය දුම් වළාවකින් ආවරණය වන විට දැඩි කම්පනයක් දැනුනු බවයි. එවැනි අවස්ථාවක තමන් තනිව සිටීම අතිශය වේදනාකාරීවූ බව ඔහු පවසා තිබේ.
පෙන්ටගනයට කඩා වැදුනු ඇමරිකානු ගුවන්සේවයේ අංක 77 දරන යානයේ නියමුවා ලෙස කටයුතු කළ නැසී ගිය චික් බර්ලින්ගේම්ද කුබර්ට්සන්ගේ මිතුරෙකි. චැනල් 4 නාලිකාවේ නිර්මාණ අධ්‍යක්ෂක ටොම් බි‍්‍රස්ලි පවසා ඇත්තේ මෙතෙක් කිසිවකු නොදුටු දසුන් පෙළක් මාර්තු 16දා විකාශනය කිරීමට සූදානම් බවයි.
මෙම සිදුවීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ දරුණු යුද්ධයක් ඇරඹුනු පසු මෙවැනි දර්ශන නැරඹීම මානසික ආතතිය ඉහළ දමනු ඇති බව පර්යේෂණ කණ්ඩායම් රැුසක් විසින් අනතුරු හඟවනු ලැබිණි.