-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොලීසිය පැවසුවේ, බිළිඳා බිහි කර පසු ව ඝාතනය කළ බවට සැකකරන මව අත්අඩංගුවට ගත් බව ය.
‍එම මව සහ ඝාතනයට ලක් වූ බිළිඳාගේ පියා බව කියන තරුණයා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි නිවසක කුලී පදනම මත කලක සිට නවාතැන් ගෙන සිට ඇති බව ය.
පිට පළාත්වලින් පැමිණ කොළඹ රැකියාවන්හි නිරතව සිටි එම යුවළට පසුගිය මස 12 වන දා අදාළ දරුවා ඉපදී තිබේ.
බිහි වූ බිළිඳා ඝාතනය කර පුළුස්සා ඇති එම යුවළ පසු ව එම නිවස ද හැර ගොස් තිබූ බව පොලීසිය පැවසී ය.
ඉන් දින කිහිපයකට පසු ව අදාළ කාන්තාව පොලීසියට පැමිණ සිය සැමියා තමන් හැරදා ගිය බවට කළ පැමිණිල්ලකට අනුව මෙම අපරාධයේ තොරතුරු හෙළි වූ බව පොලීසිය සඳහන් කළේ ය.
ඔවුන්‍ අවිවාහක යුවළක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දරු ප්‍රසූතියට පෙර දරු ගැබ විනාශ කිරීම සඳහා ද කිසියම් ඖෂධ වර්ගයක් එම කාන්තාව පානය කර ඇතැයි ද පොලීසිය පවසයි.
එය අසාර්ථක වු තැන බිහි වු දරුවා ඝාතනය කර නිවස පිටුපස වු ස්ථානයකදි පුළුස්සා දමා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ, ඉන් ඉතිරි වූ කොටස් මොරටුව ප්‍රදේශයේ පිහිටි ගඟකට දැමූ බව එම කාන්තාව පොලීසිය හමුවේ පැවසූ බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුදන්ව සිටින තරුණයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
24 හැවිරිදි ඔහු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසී ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos