-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ස්වයංක්‍රියව ඇඟිලි සලකුණු පරීක්ෂණ යන්ත්‍රය මඟින් විනාඩි තුනක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ නව ක්‍රියාපද්ධතිය හඳුන්වා දී දින 12ක් ඇතුළත සැකකටයුතු ඇඟිලි සලකුණු 4,035ක් පරීක්ෂා කොට අපරාධකරුවන් 899 දෙනකු හඳුනා ගැනීමට පොලිසියේ ඇඟිලි සලකුණු පරීක්ෂණ අංශයට හැකිවී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥයකු විසින් නිපදවූ මේ ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු යන්ත්‍රය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කුලියාපිටියේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙන ලදී.

ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ ඇඟිලි සලකුණු පරීක්ෂණ සංග්‍රහයට පොලිසියට බැඳීමට ඉදිරිපත්වී සිටි අයැදුම්කරුවන් පිරිසකගෙන් දෙදෙනකුද අපරාධකරුවන් බව හෙළිවූ බවයි. පසුගිය දින 12කදී ඉදිරිපත් වූ ඇඟිලි සලකුණු වාර්තා 2,387කින් 761 දෙනකු අපරාධ ලැයිස්තුවට අයත් වන බවත් තවත් සැකකටයුතු පුද්ගලයන් 750 දෙනකුගේ ඇඟිලි සලකුණු අතරින් 136ක් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ සිටින අය බවද හඳුනාගෙන තිබේ.

මීට පෙර පැවැති ඇඟිලි සලකුණු ක්‍රමවේදයට අනුව මෙය සිදු කළා නම් මාස දෙකකට අධික කාලයක් ගතවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos