-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විල්ගමුව හෙට්ටිපොළ වනරව ප්‍රදේශයේ වෙළෙඳසලක හිමිකරුට වෙඩි තබා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ බවට සැකකොට ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් කල්ලියේ සැකකරුවකු ඊයේ (12දා) අලුයම වැසිකිළියට යන මුවාවෙන් පැනගොස් ඇති බව විල්ගමුව පොලිසිය කියයි.

2013.11.26 දින කොල්ලකෑ සිද්ධිය වාර්තා වුණු අතර මෙතෙක් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එක් සැකකරුවකු ඉකුත් (8දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව අනිකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සැකකරුවන් වාද්දුව, බිබිල, මහියංගණය හෙඹරව ආදී ප්‍රදේශවල සිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

සැකකරුවන් අතර හිටපු නාවික හමුදා සෙබළකුද සිටින අතර, හිටපු පොලිස් කොස්තාපල්වරයකු පැන ගිය සැකකරු බවට හඳුනාගෙන ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්‍ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. සැකකරුවන් මංකොල්ලයට යොදාගත් බව කියන ටී. 56 ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන ඇත. මංකොල්ල කෑ රන් භාණ්ඩ බිබිල ප්‍රදේශයේ බැංකුවකට උකස් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos