-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන්වීම ත් සමග බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ මතකය 1983 වර්ෂයට දිව යයි.

අදට ත් තොරතුරක් නැති L35A ලියර් ජෙට් ගුවන් යානයේ ගමන් කළේ,  එවකට මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා ය.
1983 පෙබරවාරි 13 වන දා රාත්‍රී 8. 41 ට මෙම යානය ක්වාලලාම්පුර් සිට කොළඹ බලා  පිටත් ව ගොස් තිබිණ.
එකල මාධ්‍ය වාර්තාවන්ට අනුව ජෙට් යානය ගමන් අරඹා විනාඩි 15කට පසු ගුවන්තොටු‍පොළ රේඩාර්වලින් නොපෙනී ගොස් තිබේ.
ඉන් අනතුරුව මෙම ගුවන් යානය සම්බන්ධයෙන් කිසිඳු නිෂ්චිත තොරතුරක් වාර්තා නොවී ය.
දින හතරකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පුළුල් මෙහෙයුම මෙන් එවකදී ද අමෙරිකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් සෝදිසි මෙහෙයුම් සඳහා එක් විය.
1983 පෙබරවාරි මාසයේ 21 වන දා පුලාවූ පන්දුන් දූපත් අසල තිබී එම ජෙට් යානයේ යැයි සැක කළ අතිරේක රෝදයක් හමුවී ම ත් සමග යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පුපුරාගොස් ඇති බවට විශේෂඥයෝ මත පළ කළහ.
කෙසේවෙතත් එම රෝදය යානයට සවිකරන ආධාරකය යානයේ නිෂ්පාදිත සමාගමට අයත් වූවක් නොවේ.
විවිධ මතවාද අතර උපාලි විජේවර්ධන මහතා ඇතුළු 07 දෙනෙකුට සිදු වූයේ කුමක් ද? යන්න වසර 30 ක් ගත ව ඇතත් අදට ත් අභිරහසකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos