-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම බිරිය මන්නයකින් කපා ඝාතනය කිරීමේ වරදට හම්බන්තොට මහාධිකරණයෙන් නීතිඥවරයකු වන කේ. අමරසේනට නියම කළ මරණීය දණ්ඩනය අභියාචනා අධිකරණය තහවුරු කෙළේය.

2005 නොවැම්බර් 11 වැනිදා වරදකරු තංගල්ලේදී ඔහුගේ බිරිය වන සන්ධ්‍යා කාන්ති ඒකනායකගේ ඝාතනය සිදුකිරීමේ චෝදනාවට වරදකරු බව නිගමනය කළ හම්බන්තොට මහාධිකරණය, ඔහුට මරණීය දඬුවම නියම කෙළේය.

ඊට එරෙහිව නීතිඥ කේ. අමරසේන අභියාචනා අධිකරණයට අභියාචනයක් ගොනු කෙළේය. එම අභියාචනය අභියාචනා අධිකරණයේ සරත් ද ආබෘෘ, එච්. එන්. ජේ. පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේ විභාග විය. වරදකාර නීතිඥවරයාගේ අභියාචනය ඉවත දමමින් හම්බන්තොට මහාධිකරණයේ තීන්දුව තහවුරු කරමින් අභියාචනා අධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් සඳහන් වූයේ නීතිඥවරයා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ තම වෘත්තියේ නිරත වෙමින් සිය බිරියගේ මවුපියන්ගේ නිවෙසේ පදිංචිව සිට පසුව මිද්දෙණිය නගරයෙන් ඉඩමක් මිලට ගෙන දෙමහල් නිවෙසක් තනා එහි පදිංචියට ගොස් ඇති බවයි.

මේ නිවෙසේ පදිංචියට ගිය පසු ඔවුන්ගේ මෝටර් රථයේ රියැදුරු ලෙස බිරියගේ නැදෑයකු වන උපුල් ශාන්ත විජේසිංහ හෙවත් සුදා නමැති අයකු සේවයට ගෙන ඇත. ටික කලකට පසු මොහු නීතිඥ වෘත්තිය අත්හැර හිනිදුම වතුයායක සහකාර අධිකාරි ලෙස සේවයට ගොස් ඇති අතර ඔහුගේ බිරිය රියැදුරු සමඟ අනියම් සබඳතාවකින් පසුවූ බව ඔහු සඳහන් කරයි.

වතුයායේ සේවයෙන් පසු ටික කලකින් ගෙදරට පැමිණීමේදී බිරිය දරුවා සමඟ ගේ හැරගොස් ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. බිරිය, රියැදුරු සමඟ උෟරුබොක්ක නමැති ගමේ පදිංචිව සිටින බව ඔහුට ආරංචි විය. ඉන්පසුව දෙදෙනා සමාදානයෙන් බිරියගේ මවුපියන්ගේ නිවෙසේ පදිංචිව ඇත. මෙහිදී අඹු-සැමි යුවළ අතර නොයෙකුත් ගැටීම් සිදුවූ බවද බිරිය යළිත් ඇගේ අනියම් සබ¼දතාව ආරම්භ කර තිබේ. මේ අතර අභියාචනාකාර නීතිඥවරයා මිද්දෙණියේ ඔහු තැනූ නිවෙස ඔහුගේ මවගේ නමට ලියා බිරියට ඇයගේ සියලු බඩු ඉවත් කරගෙන යන ලෙස පවසා ඇත.

ඔහු විසින් බිරියට මුලින් ලියන ලද ඉඩම සහ නිවෙස මවගේ නමට හැරවීම පිළිබඳ බිරිය පොලිසියට පැමිණිලි කිරීමට සූදානම් වූ අවස්ථාවේ එසේ නොකරන ලෙස ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර තම සැමියාව පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිරියට එරෙහිව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබෙන බවද හම්බන්තොට මහාධිකරණයේදී සාක්‍ෂි ඉදිරිපත්ව ඇත.
සැමියත් බිරියත් අතර මෙවැනි ගැටුම් තිබියදී බිරිය සැමියාට විරුද්ධව ඉඩම සහ නිවෙස ඔහුගේ මවට ලියාදීම පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට ගිය බව ආරංචි විය. සැමියා මිතුරකුගේ යතුරුපැදියකින් පොලිසිය වෙත යද්දී මන්නා පිහි විකුණන අයෙක් ඒවා විකුණමින් යනු පාරේදී ඔහුට හමුවිය. ඔහු රු. 250කට මන්නා පිහියක් රැගෙන ගොස් බිරිය පොලිසියෙන් පිටවනතුරු සැඟවී සිට මේ ඝාතනය කළ බව හම්බන්තොට මහාධිකරණයේ තීන්දුව විය.

"උඹව හිරේ යවලා තමයි පස්ස බලන්නේ" යනුවෙන් පවසා ඇය පොලිසියට පැමිණිලි කිරීමට යෑම හේතුවෙන් ඔහුට ඇති වූ ක්‍ෂණික කෝපය නිසා මේ ඝාතනය සිදුවූ බව සනාථ කිරීමට අභියාචනයේදී ගත් උත්සාහය පිළිගත නොහැකි බව අභියාචනා අධිකරණයේ තීන්දුවේ සඳහන් විය.
නීතිඥ සාලිය පීරිස් මහතා අභියාචනාකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week