239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ වන පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.