-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ යානයේ බවට සැක කරමින් චීනය නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූප අත්වැරදීමක් බව මලයාසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ඒ පිළිබඳව ක්වලාලාම්පූර් හී පිහිටි චීන තානාපති කාර්යාලය තහවුරු කළ බව ය.
චීන චන්ද්‍රිකා මගින් අතුරුදන් වූ යානයේ කිසිඳු කොටසක් ඡායාරූප ගතකර නොමැති බවට තහවුරු කර ඇතැයි ද මලයාසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශකර ඇතැයි  බී.බී.සි ලෝක සේවය වාර්තා කළේය.
මලයාසියාව පවසන්නේ යානය සෙවීමේ මෙහෙයුම් වලින් මෙතෙක් එහි කිසි කොටසක් හෝ හෝඩුවාවක් හමු නොවූ බව ය.
මේ අතර අතුරුදන් වූ එම්.එච් 370 ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට හා මගීන්ට ගෞරවයක් වශයෙන් ක්වාලාලාම්පූර් – බෙයිජිං අතර පියාසර කරන තම ගුවන් යානා
දෙකෙහි ගුවන් යානා අංක වෙනස් කිරීමට තීරණය කර ඇති බව මලයාසියානු එයාර් ලයින්ස් සමාගම නිවේදනය කළේය.
එහි දැක්වෙන්නේ  එම්.එච්. 370 සහ 371යන ගුවන් යානා අංක හෙට සිට ක්‍රියාත්මකවන පරිදි එම්.එච් 318 සහ 319 ලෙස වෙනස් කෙරෙන බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week