මීගමුවේ මූල්‍ය ආයතනයකින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
පසුගිය දා මීගමුව නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු සහ සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා තිබිණ.