නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හා ඩීඑෆ්සීසී බැංකුව (DFCC) ඒකාබද්ධ වීම සම්බන්ධව 2014 ජනවාරි මස නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයට අනුකූලව මෙම බැංකු දෙක ඒකාබද්ධ වීම අවසන් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නය 2014 පෙබරවාරි මාසයේදී සාර්ථක අයුරින් ඉදිරියට යන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එමෙන්ම, විදේශීය බැංකු නියෝජිතයන් මුණගැසීම, යථා තත්ත්ව පරීක්ෂණ, බදු සම්බන්ධ කාරණා සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සාර්ථකව සිදුවන බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මීට අමතරව ඇතැම් ජාත්‍යන්තර ආයතන මෙම මූල්‍ය පද්ධතිය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේදී අරමුදල් සහ උපදෙස් සැපයීමට කැමැත්ත ප්‍රකාශ කර තිබීමද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇති බව පැවසෙයි.