-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පුද්ගලයින් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී පැය 48ක් ගත ව ඇතත් ඒ සම්බන්ධයෙන් තව ම ත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.
මාර්තු 08 -  අලුයම මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 – 200  වර්ගයේ යානය ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් ඇරඹීම.
යානය ගුවන්ගත කර පැය 2කට පසු සන්නිවේදන සබඳතා ඇණ හිටීම.
යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සහ ජාතීන් 14කට අයත් මගීන් 227දෙනෙකු එහි ‍ගමන් කළ බව මලයාසියානු ගුවන් සේවය අනාවරණය කරයි.
ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කළ මගීන් දෙදෙනෙකු යානයේ සිටි බව අනාවරණය වීම.
නෞකා 40ක්,  -රටවල් 9කට අයත් ගුවන් යානා 34ක් යොදවා නිරීක්ෂණ මෙහෙයුම් සඳහා යෙදවීම.
මාර්තු 09- වියට්නාම දකුණු මුහුදු කලාපයේ ඇති තෙල් පැල්ලම් යැයි සැක කළ හැකි යමක් පිළිබඳව සහන සේවකයින්ගේ අවධානය යොමු වෙයි.
යානය වියට්නාමයේ පූකොක් දිවයිනට සැතපුම් 153ක් දකුණින් යානය මුහුදට කඩා වැටී ඇති බව වියට්නාම නාවික හමුදාව තහවුරු කරයි.
ගුවන් යානයේ අතුරුදන්වීම පිටුපස ත්‍රස්ත ක්‍රියාවක් බවට සැක පළ වීම.
බීජිං බලා පියාසර කළ ගමනේදී යානය අපාසු හරවා ඇති බවට රේඩාර් සංඥාවලින් තහවුරු වීම.
සොරකම් කරන ලද විදේශ ගමන් බලපත්‍ර දෙක භාවිත කළ මගීන් දෙදෙනා පිළිබඳව සිය දත්ත පද්ධතියේ සටහන්ව ඇතැයි ජාත්‍යන්තර පොලීසිය තහවුරු කිරීම.
එ‍ෆ්.බී.අයි. හෙවත් අමෙරිකාවේ ෆෙඩරල් රහස් තොරතුරු ඒජන්සිය,  සිය තාක්ෂණ නිලධාරි කණ්ඩායමක් යානය සෙවීමේ මෙහෙයුමට එක් කිරීම.

Read more: අතුරුදන් මලයාසියානු මගී ගුවන් යානය සොයා ගැනේ?
ගුවන් යානයෙහි සුන්බුන් බවට සැක කෙරෙන කොටස් වියට්නාම මුහුදෙන් හමුවූ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.
මාර්තු 10 – අතුරුදන් වූ යානය උඩු ගුවනේදී කොටස්වලට වෙන් වන්නට ඇතැයි, පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවය වෙත අනාවරණය කරයි.

ඔබට මේ ගැන ඇති අදහස් පහලින් Comment කරන්න​

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos