-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කෙප්ලර් දුරේක්ෂය විසින් අලූත් ග‍්‍රහලෝක 715ක ප‍්‍රමාණයක් සොයාගෙන ඇතැයි නාසා ආයතනය පවසයි.
නාසා විද්‍යාඥයෝ සදහන් කරන්නේ මෙම ග‍්‍රහලෝක තාරකා 305ක කක්ෂගතව ඇති බවයි.
අප සිටින සෞරග‍්‍රහ මණ්ඩලය මෙන් ග‍්‍රහලෝක කීපයක් අඩංගු පද්ධති තවදුරටත් තිබෙන බව මින් අදහස් වන්නේ යැයි ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම ග‍්‍රහලෝක අතරින් 95%ක්ම නෙප්චූන් ග‍්‍රහලෝකයටත් වඩා කුඩා, එනම් පෘථිවිය මෙන් සිව් ගුණයක විශාලත්වයෙන් යුත් ග‍්‍රහලෝක වන අතර මෙම සොයා ගැනීමත් සමගින් සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිට මෙතෙක් වාර්තා වී ඇති කුඩා ග‍්‍රහලෝක ප‍්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද නාසා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. ඒ අනුව සමස්ත ග‍්‍රහලෝක සංඛ්‍යාව 1,700ක් පමණ වෙයි.
මෙම සියල්ලමත් සමගින් මන්දාකිණිය තුළ පෘථිවියට හිමි නිවැරදි ස්ථානය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි බවත් නාසා ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.
පෘථිවිය හා සමාන ප‍්‍රමාණයෙන් යුතු, වාසයට සුදුසු ග‍්‍රහලෝක පිළිබදව සෙවීම සදහා නාසා ආයතනය මෙම කෙප්ලර් දුරේක්ෂය අභ්‍යාවකාශය වෙත දියත් කළේ 2009 වසරේදීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos