මහරගම ප‍්‍රදේශයේ කාන්තාවක් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාරට තාර දමනවා යනුවෙන් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව මහරගම පොලීසියෙන් වාර්තා වේ.
ලද පැමිණිල්ල අනුව මහරගම පොලීසියේ නිළධාරියකු එම නිවෙස සොයා පිටත්ව යද්දී මාර්ගය ආරම්භයේදී දැකගත හැකි වූයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ගය වසා ඇතැයි යන දැන්වීම් පුවරුවකි.
එම නිවෙසට පා ගමනින් යාමට බොහෝ දුරක් තිබෙන හෙයින් උණු කරන තාර බැරල් අතරින් සිය යතුරුපැදියෙන් ගොස් නිවෙස සොයා ගෙන ඇත.
‘පාරට තාර දැමීම සම්බන්ධයෙන් 119 ට පැමිණිල්ලක් කරලා තියනවා. ඒකයි ආවේ. මොකක්ද තියන ප‍්‍රශ්ණය’ යැයි පොලිස් නිළධාරියා කාන්තාවගෙන් විමසීය.
‘අපේ ගෙදර පොඩි දරුවෙක් ඉන්නවා. රාළහාමි දුම එනවා. ඒකයි මම 119 ට කතා කළේ. ඒ ගොල්ලන්ට කියන්න ඈතට ගිහින් තාර උණු කරන්න කියලා’
පොලිස් නිළධාරියා පෙරළා කාන්තාවගෙන් ප‍්‍රශ්ණ කළේ ‘ඒ හරියේ ගෙවල්වල පොඩි ළමයින්ට එතකොට ඔය දුම යන්නේ නැද්ද?’ කාන්තාව නිරුත්තර විය.