-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රජයේ වෛද්‍ය පීඨ තුළ මුදලට උපාධිය විකිණීමට විරෝධය පාමින් ඊයේ (19) දහවල් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුනා. වෛද්‍ය පීඨයේ සිට විරෝධතා පුවරු රැගෙන පාගමනින් පැමිණ උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිට රැස්වූ සිසුන් කියා සිටියේ මුදලට උපාධිය විකිණීම වහා නතර කරන ලෙසයි.

දැනට මුදල් ගෙවා උපාධිය ලබාගන්නා පදනමින් රජරට වෛද්‍ය පීඨයට සිසුන් දෙදෙනෙකුත්, කරාපිටිය වෛද්‍ය පීඨයට සිසුන් දෙදෙනෙකුත්, රාගම වෛද්‍ය පීඨයට එක් සිසුවෙකුත් ඇතුලත් කරගෙන ඇති බව ඔවුන් පවසනවා. ඊට අමතරව ඔවුන් පවසන්නේ ඇමරිකානු ඩොලර් 60,000 කට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයෙන් දේශීය හෝ විදේශීය ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදී ඇති බවයි. අදාල ගැටලුවට නිසි කි‍්‍රයාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී උපවාසයකට හෝ පන්ති වර්ජනයකට යොමුවන බව ශිෂ්‍ය සංගමය ප්‍රකාශකර සිටිනවා. මෙහිදී සිසුන්ගේ අත්සන් සහිත පෙත්සමක්ද වෛද්‍ය පිඨයේ පාලන අංශ වෙත ලබාදීමට කටයුතු කලා.

පසුගියදා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට මුදලට උපාධි ලබාදීමට තිබූ කොන්දේසි ලිහිල් කරමින් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, වාස්තු විද්‍යාව සහ වෙනත් සමාන වෘත්තීය උපාධිවලට අදාළව පිළිගත් වෘත්තීය මණ්ඩලයකින් අනුකූලතා සහතිකයක් ලබාගත යුතු බවට අනිවාර්ය කොට තිබූ කොන්දේසිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2014 ජනවාරි 31 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඉවත් කර තිබුණා. පසුව එම ගැසට් නිවේදනය අහෝසි කිරීමට තීරණය කර ඇති බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‍ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා නිවේදනය කලා. විශ්ව විද්‍යාල සිසුන් පවසන්නේ එළැඹෙන මැතිවරණය හේතුවෙන් එම ගැසට් නිවේදනය හකුළා ගත්තද මැතිවරණයෙන් පසුව නැවතත් එය කි‍්‍රයාත්මක වනු ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week