-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැටී පෙරීගේ ඩාක් හෝස් නම් මියුසික් වීඩියෝව යූටියුබ් වලින් ඉවත් කළ යුතු බවට බලකරමින් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පෙරී සහ ජූසි ජේ විසින් ගායනා කරනු ලබන ගීතය සඳහා සකස් කර ඇති වීඩියෝව සඳහා ඊජිප්තු රජ මැදුරක දර්ශනයක් යොදා ගෙන ඇති අතර පෙරී රැජිණක් ලෙස විවිධ පුද්ගලයන්ගේ ත්‍යාග භාරගන්නා ආකාරය දැක්වේ.

තමන් අසතුටු ත්‍යාගයන් පිරිනමන පුද්ගලයන් අකුණු පහරින් වැලි බවට පත්කරන පෙරී මියුසික් වීඩියෝවේ එක් අවස්ථාවකදී අල්ලා යයි සටහන් කළ පෙන්ඩනයක් පැළඳි පුද්ගලයෙකුද එලෙස ධූලි බවට පත්කරයි.

ගීතයේ මිනිත්තු 1.15 අවස්ථාවේදී දක්නට ලැබෙන එම දර්ශනය මුස්ලිම් ආගමට අවමන් කිරීමක් බව ඊට එරෙහිව ආරම්භ කර ඇති අන්තර්ජාල පෙත්සමේ දැක්වේ.

විවිධ ජීවිතයන් ගෙවන ලෝකයේ විවිධ ප‍්‍රදේශවල විවිධ ආගමිකයන්  මෙම වීඩියෝව මගින් කිසිදු ආගමකට නොගැලපෙන ලෙස දෙවියන්ගේ නමට අවමන් කිරීම හෙළා දකින බව පෙන්වීමට මෙම පෙත්සම ඇරඹූ බවද එහි සඳහන් කර තිබේ.

බි‍්‍රතාන්‍යයේ බ‍්‍රැඞ්ෆෝඞ්හි ෂසාඞ් ඉක්බාල් විසින් ඇරඹූ මෙම පෙත්සමට පළමු දිනය තුළ අත්සන් 34000ක් ලැබී ඇතැයිද වාර්තා වේ.  ඉන් බහුතරයක් බි‍්‍රතාන්‍ය ජාතිකයන් වීම විශේෂත්වයකි.

කැටී පෙරීගේ පි‍්‍රස්ම් ගීත ඇල්බමයේ තෙවන ගීතය වන ඩාක් හෝස් වීඩියෝව මේ වන විට මිලියන 30ක් පමණ පේ‍්‍රක්ෂකයන් පිරිසක් යූටියුබ් හරහා නරඹා ඇතැයි පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos