වෙල්ඩින් ලාම්පුවක් යොදාගෙන අම්බලන්ගොඩ නගරයේ රාජ්‍ය බැංකුවක යකඩ සේප්පුව කැපීමට කොල්ලකරුවන් පිරිසක් විසින් උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.
වෙල්ඩින් ලාම්පුව සහ එය ක‍්‍රියාත්මක කරවීමට යොදා ගත් ගෑස් සිලින්ඩරය බැංකුවේ කාමරයක සඟවා තිබීයදී බැංකුව ඇතුළත පිරිසිදු කිරීමේ යෙදී සිටි සේවකයන්ට හමු වී ඇති අතර අම්බලන්ගොඩ පොලීසියට මේ ගැන දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර ඇත.
කොල්ලකරුවන් බැංකුවට ඇතුළු වී ඇත්තේ බැංකුවේම යතුරු පාවිච්චි කිරීමෙන් බවද පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.
මේ අනුව කොල්ලකරුවන්ට බැංකුව ඇතුළෙන් සහායක් ලැබෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.