මැරුණත් ආණ්ඩුවට රුපියල් 2000ක බද්දක් ගෙවන් සිදුව ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානයක මහතා පවසයි.
ඔහු මේ බව පවසුවේ ගාල්ල ප‍්‍රදේශයේ පැවති මහජන රැස්වීමක් අමතමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘දරුවෙකු ඉපදෙන විටත් ආණ්ඩුවට මුදල් ගෙවන්න වෙලා. පොඩි දරුවෙකු ඉපදුණු ගමන් ආණ්ඩුවට රුපියල් 300යි. ළමයි ඉපදෙනකම් ආණ්ඩුව බලන් ඉන්නවා. කසාද බදිනකොට රුපියල් 5000ක් දෙන්න වෙලා. මොන මගුලකටද කසාද බදින කොට ආණ්ඩුවට මුදල් දෙන්නේ. මැරිලත් ඉන්න දෙන්නේ නෑ. රුපියල් 2000ක් ආණ්ඩුටවට ගෙවන්න වෙනවා’