හලාවත තාලඩිවැල්ල ප‍්‍රදේශයේදී තරුණයෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ තරුණියක් තම සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇත.
සුකුමාලි රසිකා විනෝදනී (17) නම් මෙම තරුණිය තමා ඇසුරු කළ පෙම්වතා ඉදිරියේ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ඇති අතර පසුව ඇය හලාවත මහ රෝහලට ඇතුළත් කර එහිදී මියගොස් ඇත.
මියගොස් ඇති තරුණිය දංකොටුව ප‍්‍රදේශයේ ඇගලූම් කර්මාන්ත ශාලවක සේවය කරන තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. දෙදෙනා විවාහ නොවුවත් පසුගිය මාස 8ක කාලයක් තිස්සේ ඔවුන් අඹුසැමියන් ලෙස තරුණියගේ නිවසේ ජීවත් වී ඇත.