-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


භාෂා දෙකකින් සමන්විත ජාතික හැඳුනුම්පත නිකුක් කිරීම අද ආරම්භ විය.
ඒ අනුව සිංහල සහ දෙමළ භාෂාවෙන් ජාතික හැඳුනුම්පත නිකුත් කෙරෙනු ඇති.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මෙතෙක් අත් අකුරු මගින් ජාතික හැඳුනුම්පතෙහි
‍‍තොරතුරු සටහන් කර තිබුණත් නව ක්‍රමය ඔස්සේ මුද්‍රිත හැඳුනුම්පතක් නිකුත් කරන බව ය.
අන්තර්කාලීන වැඩසටහනක් යටතේ මෙය ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ඉදිරියේදී නිකුත් කිරීමට බලා‍පොරොත්තුවන විද්යුත් ජාතික හැඳුනුම්පතට ඉංශ්‍රීසී භාෂාව ද ඇතුලත් කිරීමට බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කළේය.
අද හඳුන්වා දුන් හැඳුනුම්පත් ආකෘතියට භාෂා ත්‍රිත්වය මුද්‍රණය කිරීමට ඉඩ නොමැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේය.
මේ අතර පැරණි ක්‍රමයට නිකුත් කර ඇති  ජාතික හැඳුනුම්පත් අවලංගු නොවන බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා සමග නිව්ස්ෆස්ට් කළ විශේෂ සාකච්ඡාව පහත දැක්වේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos