හලාවත, පැරණි මාදම්පේ නගරයේදී ඉස්ලාම් කාන්තාවන් පිරිසක් අද දිනයේ විරෝධතාවක් පැවැත්වූහ.
ඔවුන් කියා සිටියේ තම ප‍්‍රදේශයට තවත් ජුම්මා මුස්ලිම් දේවස්ථානයක් අනවශ්‍ය බවයි.
දැනට සති කිහිපයකට පෙර සිට පෞද්ගලික නිවසක මුස්ලිම් දේවස්ථානයක් ආරම්භ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද පැවසූ ඔවුන් ප‍්‍රකාශ තමන්ට තවත් දේවස්ථානයක් අවශ්‍ය නොවන බව පවසමින් විරෝධයේ යෙදුනහ.