අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නවතා තිබූ ලංගම බස් රථයකට අද පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු ගිනි තබා තිබේ.
පොලීසිය පැවසුවේ බීමතින් සිටි කිසියම් පුද්ගලයෙකු නවතා තිබූ බස් රථයට නැග ගිනි තබා ඇති බව ය.
අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළ ද බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව අප වාර්තාකරු පැවසීය.
මෙය අනුරාධපුරය සිට තන්තිරිමලේ දක්වා ධාවනය වන ලංගම බස් රථයකි.
අදාළ සැකකරුවා අත්අඩංගුවට ගත් බව පොසිලිය පැවසීය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.