-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිය විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් පුද්ගලයෙකු පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ තරුණියකගේ නාසය කපා ඉවත් කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, නදීම් නමැති අදාළ පුද්ගලයා 19 හැවිරිදි තරුණියකගේ නාසය එලෙස කපා දමා ඇති බව ය.
අදාළ තරුණියගේ පියා පොලීසියට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා සිය දියණියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ බව ය.
ප්‍රදේශයේ ‍ගොවියෙකු වන ඔහුගේ විවාහ යෝජනාවට තමන් එකඟ නොවූ බව අදාළ තරුණියගේ ඔහු වැඩි  දුරට ත් පවසා ඇත.
පසු ව නදීම් ඔහුගේ පියා සහ තව ත් දෙදෙනෙකු ද කැටුව සිය නිවසට  පැමිණ බිරිඳට සහ දියණියට වධ හිංසා පැමිණ වූ බව තරුණියගේ පියා පවසා ඇත.
තරුණි‍ගේ පියා වැඩි දුරට ත් පවසා ඇත්තේ, සිය දියණියට කිසි දිනක විවාහයක් සිදු නොවේවා යැයි කෑ ගසමින් ඔහු තමන් ඉදිරියේදී දියණියගේ නාසය කපා දැමූ බව ය.
මේ සම්බන්ධයෙන් පකිස්ථාන පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබුණ ද සැකකරු තවම ත් අත්අඩංගුවට ගෙන නොමැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos