-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වායුසමීකරණය කළ  සුඛෝපභෝගී බසය පානදුරේ සිට පිටකොටුව දක්වා ධාවනය විය. තරුණ කොන්දොස්තරවරයා ටිකට් නිකුත් කරන්නට විය. සුළු වේලාවකින් ඔහු පැමිණියේ මැදි වියේ පුද්ගලයකු වෙතය. ”මට කොටුවට ටිකට් එකක් දෙන්න” හෙතෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් දිගු කරමින් පැවසීය.

”මොනාද අන්කල් උදේ පාන්දර රුපියල් දාහක් දික් කරාම හරියනවද? මාරු සල්ලි ගේන්න එපායැ ඔයාල වගේ අය ආවාම අපිට හරිම කරදරයක්” කොන්දොස්තර සැරෙන් පැවසීය. ”මොනා කරන්නද අතේ තියෙන්නේ එච්චරයි” මගියා නිවුණ හඬකින් පිළිතුරු දුනි.

”ඔයාලා දාහේ කොළ අරන් එනවා. එතකොට අපිට තරහ එනවා. ටිකක් කල්පනා කරලා බලන්නකෝ. අපි මේවා කොහෙන් මාරු කරන්නද?” ඔහු පැවසුවේ කේන්තියෙනි. රුපියල් දහස අතට ගත් කොන්දොස්තරවරයා අනෙක් මගීන්ට ටිකට් නිකුත් කරන්නට විය.

මේ අතර තරුණියක්ද රුපියල් දහසේ නෝට්ටුවක් දී ”පිටකොටුවට එකක්” යැයි කෝමළ ස්වරයෙන් පැවසුවාය. එවිට තරුණ කොන්දොස්තරවරයා ”නංගී මතක් කරලා බහිද්දී ඉතිරි සල්ලි ඉල්ල ගන්න” මනමාල ස්වරයෙන් පැවසීය. දෙබස ඇසුණු මගීන්ගේ මුහුණු සිනහවෙන් පිරුනි.
මුලින් රුපියල් දහස දුන් මගියා, මගියකු අමතා ”බලන්න මිනිහගේ තියෙන කරුණාව. මම රුපියල් දාහක් දුන්නම පාට් දැම්මා, අර ගෑනු ළමයා දුන්නම පාට් ඔක්කොම ඉවරයි”
 
 අදහස්(18)  බැලූවෝ (20277)







Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos