ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු විසින් ෙදාස් පැවැරීම හේතුවෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසලක 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නමැති කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.
මේ ශිෂ්‍යාව විසින් පවත්වාගෙන ගිය ලැබූ බව කියන ෆේස්බුක් ගිණුම් දෙකක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැඳවූ මේ ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී මවුපියන්ද පාසලට කැඳවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.
මේ සිදුවීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත්වී සිටි බව කියන ශිෂ්‍යාව පාසල නිමවී නිවෙසට පැමිණි පසුවත්, නිවාඩු දිනයක් වූ ඉකුත් 4 වැනිදාත් දැඩි කනස්සල්ලෙන් යුතුව කාලය ගෙවා තිබේ.
ඊයේ (5දා) නිවෙසේ කිසිවකුත් නොසිටි අවස්ථාවක ඇය නිවෙසේ වහලයේ බාල්කයක සාරියක් ආධාරයෙන් සාදා ගත් ලණුවකින් එල්ලී තිබේ. සිසුවිය සාරියකින් බාල්කයේ එල්ලී සිටින ආකාරය දුටු නිවෙසේ මෙහෙකාරිය විසින් ඒ බව නිවෙස ඉදිරිපිට වෙළෙඳසලක් පවත්වාගෙන යන ඇගේ පියාට දැනුම් දී තිබේ. එහි පැමිණි පියා විසින් සිසුවිය එල්ලී සිටි සාරිය කපා බිමට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී සිසුවිය මියගිය බව ඇගේ ඥාතීහු 'මව්බිම'ට කීහ.
දිවි නසාගැනීමට පෙර සිය පියා අමතමින් පිටු තුනක ලිපියක්ද ලියා ඇති අතර නොකළ වරදක් සම්බන්ධයෙන් නොමනා වචන පවා යොදාගනිමින් විදුහල්පතිවරයා විසින් ෙදාස් පැවැරූ බවත් පාසලේ තවත් ළමයකුට මෙවැනි ඉරණමක් අත් නොවනු පිණිස මෙලෙස සියදිවි නසා ගන්නා බවත් එම ලිපියෙහි සඳහන් වේ.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (6දා) පැවැත්වීමට නියමිතව තිබිණි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.