-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාල පරිපාලනයේ ලෝක සිතියම යළි ඇඳීමට අවශ්‍ය වී ඇති බව යුරෝපා කොමිසම පවසයි.  ඉදිරි දෙවසර මේ සඳහා අතිශය තීරණාත්මක බවත් එහිදී කේන්ද්‍රීය කාර්යභාරයක් සිදුකිරීමට තමන් සූදානම් බවත් යුරෝපා කොමිසම නියෝජනය කරමින් එහි උප සභාපතිනි නීලී කෲස් පවසා තිබේ.
එඞ්වඞ් ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළිදරව්කිරීම් සමග ඇමරිකානු රජය විසින් මහා පරිමාණයේ අන්තර්ජාල චරපුරුෂ මෙහෙයුම් සිදුකරන බව වාර්තා වීම මගින් හානිවූ සමාජ විශ්වාසය යළි ස්ථාපිත කිරීම සඳහා පාරදෘශ්‍ය, වගකීම් සහගත පාලනයක් අවශ්‍ය බව ඇය විසින් දක්වා ඇත.
ඇමරිකාවේ තනි පාලනය පිළිබඳ ගැටළු මතුවී ඇති හෙයින් වඩා ගෝලීය මාදිලියකට මාරු විය යුතු අතර ඒ සඳහා අවංක මැදිහත්කරුවකුගේ කාර්යභාරය ඉටු කිරීම යුරෝපයේ අරමුණ බව නීලි කෲස් පවසා තිබේ.  ඇය පවසා ඇත්තේ මූලධාර්මික ස්වාධීනත්වයන් සහ මානව හිමිකම් ප‍්‍රශ්න කිරීමකින් තොරව ආරක්ෂා කළ යුතු බවයි.
මේ වන විට ඩොට් කොම්,  ඕර්ග්, නෙට් ආදී සියලූ ප‍්‍රධාන පෙළේ අයි.පී ලිපිනයන් පාලනය කිරීමේ බලතල කැලිෆෝනියාවේ පිහිටා ඇති අයිකෑන් ආයතනයට හිමිව ඇති අතර අන්තර්ජාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් අයිකෑන් සහ වෙනත් බලතල සහිත ආයතනයන් ගෝලීය ව්‍යූහයක් වෙත පවරා ගත යුතු බව යුරෝපා කොමිසමේ අදහස වී තිබේ.
මින් පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජාත්‍යන්තර සන්නිවේදන සංගමය වෙත අන්තර්ජාල පරිපාලන බලතල පවරා ගැනීමේ යෝජනාවක් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව සහ  ඕස්ටේ‍්‍රලියාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.  එකි රාජ්‍යයන් 4ම චරපුරුෂ පංචාක්ෂියේ සාමාජිකයන් වීම විශේෂත්වයකි.
අන්තර්ජාල ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා ගෝලීය අන්තර්ජාල ප‍්‍රතිපත්ති නිරීක්ෂණායතනය නම් ව්‍යූහයක් පිහිටුවීමටද යුරෝපය විසින් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos