-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහක කතක්‌ සමග අනාචාරයේ හැසිරීමෙන් පවුල් ජීවිතයක එකමුතුව බිඳ දැමූ පුද්ගලයකුට එම වරද වෙනුවෙන් රුපියල් කෝටි 1 1/2 ක වන්දියක්‌ ඇගේ සැමියාට ගෙවීමට සිදුවී තිබේ.

නඩුවේ පැමිණිලිකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. වන්දිය ගෙවීමට නියම වූ අනියම් සැමියා පානදුරේ පදිංචි ගුවන්සේවා සමාගමක පියාසර ඉංජිනේරුවෙකි. විවාහකයකු වන ඔහුගේ බිරිඳ මෑතදී ඔහු අතහැර දමා විදේශ ගතවී ඇත.

පවුල් ආරවුල් නඩුවකට මෙතෙක් කලක් ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ නියමවූ ලොකුම වන්දිය මෙයයි.

තම බිරිඳ අන් අයකු සමග හොර රහසේ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණු ව්‍යාපාරිකයා ඒ ගැන සෙවිල්ලෙන් සිට ඇති අතර වසරකට පමණ පසුව ඔහුට විශ්වාසදායක ආරංචියක්‌ ලැබී ඇත්තේ තම බිරිඳ අනියම් සැමියා සමග හෝටලයක සිටින බවයි.

එසැණින් ක්‍රියාත්මක වූ ඔහු හිතවතුන් කීප දෙනකු සමග හෝටලයට ගොස්‌ හෝටලය අසල නවතා තිබූ අනියම් සැමියාගේ වාහනයේ වම්පස රෝද දෙකක හුළං ඇර තිබේ.

අනතුරුව තමා පැමිණි කාරණාව හෝටලයට ඇතුළු වන තැන කාර්යාලයේ සිටි අයකුට පැවසුවද පසුව එවැනි යුවළක්‌ කාමරයක නවාතැන් ගෙන සිටින බව හෙළිකර ඇති නමුත් ඒ කාමරය තුළට පිවිසීමට අවසර දී නැත.

එබැවින් එම යුවල අදාල කාර්යයෙන් පසුව එළියට එනතෙක් ව්‍යාපාරිකයා හා පිරිස හෝටල් පරිශ්‍රයේ රැඳී සිට ඇත.

ටික වේලාවකට පසුව යුවළ කාමරයෙන් එළියට පැමිණෙත්ම දෙදෙනා අල්ලා හොඳටම පහරදී ව්‍යාපාරිකයා ඇගේ බිරිඳ සමග ඔහුගේ වාහනයෙන්ද, අනියම් සැමියා රෝදවලට හුළං පුරවාගෙන ඔහුගේ වාහනයෙන්ද නාරාහේන්පිට පොලිසියට ගොස්‌ ඇත.

2009 වසරේදී සිදුවූ එම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනාට එරෙහිව නුගේගොඩ උසාවියේ නඩු පවරා ඇත්තේ ද්වේශ සහගතව අත් හැරයැම සහ අනාචාරයේ හැසිරීම යන චෝදනා යටතේ බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන්වීමටටයි.

තම බිරිඳ සමග අනාචාරයේ හැසිරීමෙන් තම පවුල් ජීවිතය කඩාකප්පල් කළ නිසා ඉන් සිදුවූ හානියට හා අපකීර්තියට වන්දියක්‌ වශයෙන් අනියම් සැමියාගෙන් රුපියල් කෝටි 2 ක්‌ අයකර ගැනීමට ඔහු නඩුවෙන් ඉල්ලා තිබිණි.

නුගේගොඩ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව විභාගය සඳහා කැඳවූ දවසේ ඔහුගේ බිරිඳ හා අනියම් සැමියාත් උසාවියට පැමිණ නැති අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයෙක්‌ හෝ පෙනී සිට නැත. එනිසා නඩුව ඒකපාක්‍ෂිකව විභාගයට ගෙන තිබේ.

එබැවින් නඩුව පැමිණිල්ලේ වාසියට තීන්දු කර ඇත. ඒ අනුව පැමිණිලිකරුට ඇගේ බිරිඳගෙන් දික්‌කසාදයද, අනියම් සැමියාගෙන් රුපියල් කෝටි 2 ක වන්දියක්‌ද ලැබීමට අවසරය උසාවියෙන් ලැබී ඇත.

ඉන් පසුව බිරිඳ හා අනියම් සැමියා යන දෙදෙනාටම එම නඩු තීන්දුවලට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්‌ ඉදිරිපත් කළ නමුත් ඒ ඇපෑලද ප්‍රතික්‌ෂේප වී ඇත. අනතුරුව ඔවුන් දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ද ඉදිරිපත් කර ඇත.

පසුගිය 6 වනදා එම ඇපෑල අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතාගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ අගවිනිසුරුවරයා කළ යෝජනාවක්‌ අනුව එම නඩුවේ 2 වැනි වගඋත්තරකාර වූ අනියම් සැමියාට පැමිණිලිකරුට ගෙවීමට නියම වී තිබූ රුපියල් කෝටි 2 න් රුපියල් ලක්‍ෂ 50 ක්‌ අඩුකර රුපියල් කෝටි 1 1/2 ක්‌ ලබා ගැනීමට ව්‍යාපාරිකයා කැමැත්ත ප්‍රකාශ කළ නිසා එය ගෙවා නඩුව අවසානයක්‌ කර ගැනීමට වගඋත්තරකරුද කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව රු. කෝටි 1 1/2 ක මුදල 2014.10.15 දා සම්පූර්ණයෙන් ගෙවිය යුතු බවට අධිකරණය නියම කර ඇති අතර ව්‍යාපාරිකයාගේ දික්‌කසාදයට ද අවසර ලැබිණි.

Read more: http://www.33000.in/2014/02/Rs.15Million-for-illegal-marital-affair.html#ixzz2tNpyVM00
Follow us: 33000lk on Facebook

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos