ඇමරිකානු ප‍්‍රකට පොප් ගායක ජස්ටින් බීබර් ලිමෝසින් රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මත චෝදනා ලබා පොලීසියට බාර වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
ඒ අනුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් බීබර්ට චෝදනා ගොනු කරමින් ලබන මාර්තු මස 10 වැනිදා ටොරන්ටෝ උසාවියේ පෙනී සිටින ලෙස නියම වී ඇත.
මේ අතර බීබර් ඇමෙරිකාවෙන් නෙරපන ලෙස ජනාධිපත බැරක් ඔබාමාගෙන් ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කෙරෙන අතර දැනට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට අත්සන් කර ඇත. මෙම පෙත්සම ධවල මන්දිර වෙබ් අඩවියේද ඇතුළත් කර තිබේ.