-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බොරැල්ල බේස්ලයින් පාරේ සමාජ ශාලාවක නාට්‍යාංගනාවන් ලෙස කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතික කාන්තාවන් 5 දෙනා රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මොවුන් ආගමන විගමන බලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඉන්දියාව බලා පිටුවහල් කිරීමට සූදානම් වන බවයි.

සංචාරක වීසා මත ශ‍්‍රී ලංකාවට පැමිණ ආගමන විගමන නීති උල්ලංගණය කරමින් බොරැල්ල ප‍්‍රදේශයේ සමාජ ශාලාවක නාට්‍යාංගනාවන් ලෙස කටයුතු කළ ඉන්දියානු ජාතික කාන්තාවන් 5 දෙනෙකු පෙරේදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. පසුව අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ සමාජ ශාලාවේ කළමනාකරු මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (13) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 90,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.  

Update : Tuesday, 14 January 2014 - 12:39
------------------------------------------------
සංචාරක වීසා මත පැමිණ රැගුම් පෑ ඉන්දියානු කාන්තාවන් දැලේ.

සංචාරක වීසා මත පැමිණ මෙරට ආගමන විගමන නීති උල්ලංගණය කරමින් බොරැල්ල - බේස්ලයින් පාරේ කැරෝකේ සමාජ ශාලාවක නාට්‍යාංගනාවන් ලෙස කටයුතු කළ ඉන්දියානු ජාතික කාන්තාවන් 5 දෙනෙකු පොලීසිය මගින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාවන් සහ සමාජ ශාලාවේ කළමනාකරු මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (13) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 90,000ක දඩ මුදලක් නියම කළ බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ. සැකකාර ඉන්දීය ජාතික කාන්තාවන් 5 දෙනා නීතිමය කටයුතු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos