දකුණු සුඩාන මගීන් 200 ක් රැගත් යාත‍්‍රාවක් නයිල් නදියේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් කළ සියලූදෙනා අද ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. එම වාර්තාවල දැක්වුණේ දකුණු සුඩානයේ මලකාල් නගරයේ සිට පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. සුඩානයේ මලකාල් නගරයේ දින කිහිපයක් පුරා රජය සහ කැරළිකරුවන් අතර ගැටුම් පවතිනවා. එම ගැටුම්වලින් මිදීම සඳහා මගී යාත‍්‍රාවක නැගී ආ සංක‍්‍රමණිකයන් පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.