-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අධිකරණය විසින් වාරණ නියෝගයක් පණවා තිබියදී හිටපු පෙම්වතියට ඊ මේල් පණිවුඩයක් යැවීමේ වරදට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වේ.

ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ බෙවර්ලිහි පදිංචි 32 හැවිරිදි තෝමස් ගැග්නන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ Google+ සමාජ ජාලය වෙත එක්වන ලෙස සිය හිටපු පෙම්වතියට ඇරයුමක් යැවීම හේතුවෙන්.

කෙසේවෙතත් ගැග්නන් පවසා ඇත්තේ තමන් කිසිවිටක එවැන්නක් සිදු නොකළ බවයි.  ඊ මේල් ඇරයුම පිළිබඳව පොලිසියට වාර්තා කිරීමෙන් විනාඩි 90ක පමණ පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දිස්ත‍්‍රික් අධිකරණ විනිසුරුවරයා Google+ ඇරයුම් සිදුකෙරෙන ක‍්‍රියාවලිය පිළිබඳව නොදන්නා බව පවසා ඇති අතර ඩොලර් 500ක ඇපයක් මත ගැග්නන් නිදහස් කර තිබේ.

තමන් ඊ මේල් ඇරයුම නොයැවූ බව පැවසුවද ගැග්නන්ට හෝ ඔහුගේ නීතිඥයාටද එවැන්නනක් සිදුවිය හැක්කේ කෙසේද යන්න අධිකරණයට පැහැදිලි කරගත් නොහැකි වූ බව පැවසේ.

මේ අතර අන්තර්ජාල පුද්ගලිකත්වය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මෙය ගූගල් සමාගම විසින් සිදුකරන ලද්දක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.  2011 සහ 2012 වසරේදීද Google+ පාරිභෝගිකයන් විසින් මේ ආකාරයේ ඇරයුම් කිරීම් පිළිබඳ මැසිවිලි නගා තිබූ බව නීතිඥ බ‍්‍රැඞ්ලි ෂියර් පවසා තිබේ.

තමන් යම් ඊ මේල් ලිපිනයක් භාවිතා කළ විගස ගූගල් විසින් එම ලිපිනය වෙත Google+ වෙත එක්වන ලෙස තම අනන්‍යතාවය සහිතව ඊ මේල් ඇරයුමක් යවන බවත් ඓය නවතා දැමිය හැක්කේ කෙසේද යන්නත් එක් පාරිභෝගිකයකු විසින් විමසා ඇත.

ෂියර් පවසන්නේ සැබැවින්ම ගැග්නන් විසින් මෙය සිදුකර නොමැති නම් එය ගූගල් සමාග සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක්විය හැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos