-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

"මතුගම ඩිපෝවේ ඇත්තේ කුමන පාලනයක් ද?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය විසින් මතුගම ඩිපෝවේ මහජන දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් යොමු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි අවධානය යොමුව සංවිධානය සඳහන් කරයි.

'මතුගම ඩිපෝවේ බස්රථ 80 න් 55ක නීති විරෝධී පෝස්ටර් සහ ස්ටිකර් අලවා ඇති නම් මෙම ඩිපෝවේ කෙබදු පාලනයක් පවතීද යන්න ප්‍රශ්ණයක්' බවත් 'මහජන දේපළ අයථා පරිහරණයට ඉඩ දී තිබීම සම්බන්ධයෙන් ඔබ ඇතුඵ ඊට අදාළ නිලධාරීන් වගකිව යුතු බව කොමසාරිස්වරයා ගේ ලිපිය මගින් අවධාරනය කර ඇත.


ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයින් අවස්ථා කිහිපයක දීම දේශපාලන හා මැතිවරණ කටයුතු සදහා මහජන දේපල යොදා ගෙන ඇති බව කැෆේ සංවිධානය විසින් අවධාරණය කරනු ලැබීය. ජනවාරි 31 (අද) දින මතුගම පැවැත්වෙන උත්සවයක් සදහා ලංගම සේවකයින් යොදවා ගැනීමට ගත් උත්සාහය කැෆේ සංවිධානයේ මැදිහත්වීම මත අවසන් මොහොතේ ඉවත් කර ගනු ලැබීය.


මැතිවරණය ආරම්භයේ දීම මහජන දේපළ අයථා පරිහරණය වැලැක්වීම සදහා මැතිවරණ දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි කැෆේ සංවිධානය සිය සතුට පළ කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos