-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මිනිස් සිරුරට ඉතා අහිතකර වූ පිපුම් කුඩු වර්ගයක් දිවයිනේ ව්‍යාප්ත වෙමින් යන බවට ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික  සංවිධායක අසේල සම්පත් මහතා අනාවරණය කරයි.

මෙම පිපුම් කුඩු වර්ගය  අසුරා ඇති පැකැට්ටුවේ නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වීමේ දිනය පැකැට්ටුවට වෙනම අලවා ඇති අතර එහි නිෂ්පාදිත වර්ෂය හා කල්ඉකුත්වීමේ වර්ෂය සඳහන් වී නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

මෙම පිපුම් කුඩු කාරකය විශේෂයෙන්ම පාන් ගෙඩියේ හැඩය වෙනස් කිරීමට හා ප්‍රමාණය  විශාල කර පෙන්වීමට යොදනු ලබන අතර පාන්පිටි කිලෝග්‍රෑම්  50කට මෙම පිපුම් කුඩු කාරකය ග්‍රෑම් 05ක් යොදන ලෙසට පැකැට්ටුවේ උපදෙස් ලබාදී ඇතැයි හෙතෙම පවසයි.

මෙතරම් විශාල  ප්‍රමාණයකට අදාළ පිපුම් කුඩු කාරකය  ඉතා අඩු ප්‍රමාණයක් දැමීමට උපදෙස් ලබාදීම තුළින් මිනිස් සිරුරට  සිදුවිය හැකි උත්තේජනය සහ හානිය කෙබඳුද යන්න සිතාගත නොහැකි බව ඒ මහතා අවධාරණය කරයි.

තවද මේ පිපුම් කුඩු කාරකය ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බවත් මෙමඟින් වැඩි වශයෙන් රෝගාබාධයන්ට ගොදුරු වනුයේ පාසල් ළමයින් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේත් පාරිභෝගික අධිකාරියේත් දැඩි අවධානය යොමු කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos