පෞද්ගලික අභ්‍යන්තර ගුවන් යානාවක රෝදයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථයේ සෙසු ගුවන් යානා ගොඩබැස්‌සීමේ ප්‍රමාදයක් ඇතිවූ බව සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා ඊයේ (5 වැනිදා) පැවසීය.
ගුවන් යානය ධාවන පථයෙන් ඉවත් කරන තුරු එම කාලය තුළ ගොඩ බැස්‌සවීමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබේ.
මේ නිසා ගුවන්තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු පැයක පමණ කාලයක් ප්‍රමාද කිරීමට සිදුවී තිබේ. මෙවන් හදිසි අවස්‌ථාවල වෙනදා නම් ඉන්දියාව කරා ගුවන් යානා පිටත්කර යෑවීමට සිදුවූ නමුත් දැන් මත්තල ගුවන්තොටුපළ පිහිටුවා තිබෙන නිසා ඊට මුහුණදීමට හැකිවී තිබෙන බව ඇමැතිවරයා කීය.