-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට සංචාරය සඳහා පැමිණි ඕස්ට්‍රේලියා ජාතික යුවළකගේ 9 හැවිරිදි දියණිය බලහත්කාරයෙන් සිප වැලඳගත් 19 හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් ඊයේ (27දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල රූමස්සල කඳු රක්ෂිතය පාමුල වෙරළේ මේ යුවළ සමඟ ඔවුන්ගේ දරුවන් තිදෙනා දිය නාමින් සිට ඇති අතර ඔවුන්ගේ බාල දියණිය ගල් වැටියක් දිගේ ඇවිද යන විට මේ සිදුවීමට මුහුණදී ඇති බව හබරාදුව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

ගල් වැටිය අසල සිටි තරුණයකු එම දැරියට 'කම්, කම්' යැයි කතා කළ පසු ඇය ඔහු අසලට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා විසින් ඇයගේ දෙතොල් සිප වැලඳගෙන තිබෙන බවද නිලධාරියා සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී එම දැරිය කෑ ගසා හඬා ඇති අතර ඇයගේ ශබ්දය ඇසීි මවුපියන් හා තවත් පුද්ගලයන් කිහිප දෙනකු එම ස්ථානයට පැමිණෙද්දී සැකකරු පලා යෑමට තැත් කර ඇති බවත් අවසානයේදී ඒ අසල සිටි පිරිස ඔහු අල්ලා පොලිසියට බාරදී ඇති බවත් එම නිලධාරියා කීය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද පැවැසේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු හබරාදුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos