-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සතියක පමණ කාලයක් තිස්සේ දැලක් වැනි (වෘත්තාකාර) උපකරණයක් එල්ලාගත් හෙලිකොප්ටර් යානයක් රිදීගම ‍ෙදාඩම්ගස්ලන්ද අවට ඉහළ අහසේ සැරිසැරීම පිළිබඳව ප්‍රදේශවාසීන් විවිධ මත පළ කරන අතර රම්බඩගල්ල සිරි සාගල රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී රම්බඩගල්ලේ තිලකවංශ හිමියන් මේ පිළිබඳව රිදීගම පොලිසිය වෙතද පැමිණිලි කොට ඇත.

ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසට අයත් සිරිසාගල පුදබිමේ පවතින බවට සැක කරන නිධන් වස්තු සොයා බැලීමේ අදහසින් මෙම යානය නිරීක්‍ෂණයේ යෙදුනු බවට ප්‍රදේශවාසී දායකයන්ට සහ තමන්ට සැකයක් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටිති.

ඉපැරැණි ඉතිහාසයක් ඇති ක්‍රි.පූ. පළමු වැනි සියවසට අයත් මෙම පුදබිමේ කටාරන් කෙටූ ගල්ලෙන් එකොළහක් සහ පුරාණ සෙල්ලිපි අටක්ද සොයාගෙන ඇත.
පසුගිය 19 දින පෙරවරුවේ දිග කම්බියකට සවිකළ විශාල දැලක් සහිත කැමරාවක් වැනි උපකරණයක් සවිකරගත් (වෘත්තාකාර උපකරණයක්) හෙලිකොප්ටර් යානයක් තම විහාර භූමිය ඉලක්ක කරගෙනම ගැවසුණු බවත් ඉන්පසු තමා මේ පිළිබඳව රිදීගම පොලිසිය වෙත පැමිණිලි කර සිටි බවක් තිලකවංශ හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

ඉන්පසුව රිදීගම පොලිසියේ නිලධාරීන් පැමිණ පරික්‍ෂා කළද තොරතුරු කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.
මෙම ක්‍රියාවලිය රජයට හෝ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ආයතනයක් මඟින් සිදුකරන බවට කරුණු අනාවරණය නොවන බැවින් තමන් දැනුම්වත් කළ යුතුව තිබූ බවද තිලකවංශ හිමියෝ අවධානය කරති.

සතියක පමණ කාලයක් තිස්සේ දැලක් එල්ලාගත් හෙලිකොප්ටර් යානයක් ඉහළ අහසේ සැරිසැරීම පිළිබඳ තොරතුරු සෙවීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙම උපකරණය මැල්සිරිපුර ප්‍රදේශයේ ගොවිපොළ භූමියක ස්ථානගත කොට ඇති බවයි.

එහි තොරතුරු හෙළිදරව් කර ගැනීමේ අටියෙන් පසුගියදා හිමිදිරියේ අප එම ස්ථානයට ළඟා වෙද්දී එහි සිටියේ මුරකරු පමණි.
ඉතා කුඩාවට අහසේ දිස්වන වෘත්තාකාර උපකරණය දැන් අප ඉදිරියේය. එහි විශ්කම්භය අඩි 50ක් පමණ වේ. එහි හරි මැද සවිකළ උපකරණයකි. ස්වල්ප වේලාවකින් එහි පැමිණි පිරිසේ සිටි අප්‍රිකානු ජාතිකයන් දෙදෙනකු යුහුලුව උපකරණ පිරික්සා යම් යම් අලුත්වැඩියාවන් සිදුකරන අතරේ අපි මේ කාර්යවලියේ ප්‍රවාහන පහසුකම් සපයන රත්මලාන සෙනොක් ගුවන් යානා සමාගමේ නිලධාරීන් හා කතා කළෙමු.

“ඕස්ට්‍රේලියානු සමාගමක් අපේ රජයේ ආරාධනයෙන් භූගත ඛනිජ වර්ග, මිනිරන් ආදියේ පිහිටීමේ සිතියමක් අඳින්නටයි මේ ඉහළ අහසේ උපකරණ එල්ලාගෙන සැරිසරන්නේ. මෙය ලංකාවේ ප්‍රථම වතාවට සිද්ධවෙන දෙයක් නිසා ජනතාවට කුතුහලයක් වෙලා. එක එක කටකතා කියනවා. නිධන් සොයනවා. පන්සල් උඩින් කැරකෙනවා කියා. එහෙම නෑ. අපි උපදෙස් දීලා තියෙන්නේ පන්සල් වෙහෙර විහාර උඩින් යන්න එපා කියලයි.

මේ නිරීක්‍ෂණය සඳහා ජී.පී.ආර්.එස්. (G.P.R.S.) තාක්‍ෂණය යොදාගන්නවා. ගන්න දත්ත එවලේම ඕස්ට්‍රේලියානු සමාගමට යනවා. අවසානයේ ඔවුන් සිතියම ඇඳ රජයට බාර දෙනවා. මෙවැනි උපකරණයක් ගෙන යෑමට හැකි ගුවන් යානා ඇත්තේ අප සමාගමේ පමණයි. ඒ නිසයි අප ඉදිරිපත් වුණේ. මෙය කිලෝ හයසීයක් පමණ බරයි.

කාලගුණ තත්ත්ව යහපත් නම් දිනකට පැය දෙකක් පමණ අහසේ සැරිසරමින් භූගත මිනිරන් පිළිබඳ දත්ත ලබාගන්නවා. මේ සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සිවිල් ගුවන් සේවා කාර්යාංශය ඒ වගේ ගුවන් හමුදාව ආදී ආයතනවලින් අවසරය ලබාගෙන තියෙනවා” යැයි ඔවුහු අපට විස්තර කළහ.
පෙ.ව. 10.00ට පමණ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණි හෙලිකොප්ටර් යානය අප ඉදිරියේ නැවැත්වීමෙන් පසු අප්‍රිකානු ජාතිකයන් දෙදෙනා යුහුසුලුව තම කටයුතු ආරම්භ කළහ. පැයකින් පමණ උපකරණය යානයට සවිකිරීමේ කටයුතු අවසන් වූ අතර යානය දැවැන්ත රවුම සමඟ අහසට නැංවිණි. අවසන් ඡායාරූපයද ගත් අපි සියල්ලන්ට සමුදී පිටත් වූයෙමු. (Mawbima)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos