-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙර, කොළඹ මහා නගර සභා සීමාවේ ප්‍රධාන මාර්ග යාබද පිහිටි දුර්වර්ණ වී ඇති සියලුම තාප්ප හා ගොඩනැඟිලි අලුත්වැඩියා කරන ලෙස හිමිකරුවන්ට දැනුම්දීමක් කර ඇත.
කොළඹ මහා නගර සභා අතුරු ව්‍යවස්ථාවේ අංක 54 -8 පරිච්ඡේදය අනුව නගරාධිපතිවරයාට හා නාගරික කොමසාරිස්වරියට පැවරී ඇති බලතල අනුව ඔවුන් ජනතාව දැනුවත් කොට ඇතැයි ද කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසිය.

එසේ  දැනුම් දී තිබුන ද කිසිවකුත් එම දැනුම් දීම ක්‍රියාත්මක කොට නැතැයි පලවන වාර්තා අසත්‍යයක් බව පැවසු පුරපතිවරයා, එම දැනුම්දීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයිද කියා සිටියේය.

බේස්ලයින් මාර්ගය, බෞද්ධාලෝක මාවත, ඩී.ආර් විජේවර්ධන මාවත, නිදහස් මාවත, ග්‍රීන් පාත්, ගාලු පාර, නෙළුම් පොකුණ, ආර්.ඩී. ද මෙල් මාවත, හෝටන් පෙදෙස ආදි මාර්ගවල ඇති ගොඩනැඟිලි අයිතිකරුවන් බදුකරුවන් හා පදිංචිකරුවන් තුන් දහසකට පමණ දැනුම් දී ඇති බවත්, ඔවුන් මහා නගර සභා අතුරු ව්‍යවස්ථාව අනුව ගොඩනැඟිලි, තාප්ප පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos