-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මධු සමය ගෙවා සිය මනාලිය සමග නිවෙසට එන අවස්ථාවේ මංගල රිය පසුපසින් ආ පොලිස් ජිප් රියක් තම නිවෙස අසල නවතනු දැක මනාලිය කාරයේ සිටියදී මනාලයා පලාගිය පුවතක් පසුගියදා වාර්තා විය.

කලින්ද පතිකුලයේ සිටි බව කියන තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතූ ඔහු යළි විවාහයකට ඇතුළත්වීමට තීරණය කර ඒ සඳහා ලක ලැහැස්ති විය. අලූතින් දැන හඳුනා ගත් තරුණියක හා පෙමින් වෙලී විවාහයට දින නියම කරගනු ලැබීය.

ඒ අනුව නව මනාලියගේ නිවසේදී පෝරුවේ චාරිත‍්‍ර පෙරදැරිව හෙළ සිරිතට මේ විවාහය සිදුවිය. ඉන් අනතුරුව යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය.

පසුදා මේ යුවල නිවෙසට එද්දී පොලිස් රියක් ආවේ වෙනත්  රාජකාරියකට යන්නටය. පොලිස් රිය නිවෙසට ලංවෙද්දී ජෝඩුව රියෙන් බසින්නට නැකත එනතුරු බලා සිටයේය. පොලිස් රියත් ඒ අසල නවතනු දුටු මනාලයා සිතුවේ කලින් බිරියගේ පැමිණිල්ලක් නිසා පොලිසිය තමන් ලූහුබඳින බවය. බියට පත් ඔහු වහාම කි‍්‍රයාත්මක විය. මනාලයා කාරයේ දොර හැර බැස දුවන්නට වූයේ මනාලියත් මනාලියගේ පාර්ශ්වයෙන් ආ නෑදැයින් ද අපහසුතාවට පත් කරමිනි.

 මනාලයා දිව්වත් පොලිසිය ඔවුන් ගිය ගමන ගියේ ඒ දෙසවත් නොබලමිනි. ටික වේලාවක් බලා සිටි මනාලියත් නෑයනුත් ආපසු යන්නට හදද්දී එහි ආ මනාලයා නොවඳිනා වැඳුම් වැඳ පිරිස නවත්වාගෙන දිවා ආහාරයෙන් සංග‍්‍රහ කොට පිටත් කර හැරීමට උත්සාහ ගත්තත් මනාලයාගේ කුමක් හෝ බපරතළ වරදක් ඇති බව මානාලියගේ පාර්ශ්වයේ ඇත්තනට තේරුම් ගොස් තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos