පිටකොටුව බෝධිරාජ මාවතේ ඊයේ (06 වැනිදා) රාත්‍රියේ ඇති වූ ගින්නකින් කඩ සාප්පු එකසිය හතරක් පමණ සම්පූර්ණයෙන් ම විනාශයට පත්විය.
එම කඩයක තිබූ පොල්තෙල් පහනක දැල්ලෙන් මෙම ගින්න ඇති වී ඇතැයි පොලිසිය සැක කරන නමුත් ඊයේ රාත්‍රිය වනතුරුත් ඒ බව තහවුරු නොවීය.

රෙදි, ප්ලාස්ටික් භාණ්ඩ, සපත්තු වැනි ද්‍රව්‍ය අලෙවි කරන මෙම කඩ සාප්පු සියල්ල විනාශ වුවද ජීවිත හානි කිසිවක් නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර විනාඩි දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම විනාශය සිදු වූ බව එම අලෙවිසල් හිමියෝ පැවැසූහ.
ගිනි නිවන හමුදාවේ ගිනි නිවීමේ රථ හතරක් පමණ උපයෝගී කර ගෙන ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබූ අතර විනාශ වූ දේපළවල වටිනාකම තක්සේරු කර නොතිබිණි.