චීනයේ ෂැංහයි නගරයේ ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ලොව සිහින්ම ගොඩනැගිල්ල විය හැකි බව සැලකෙයි. ගඩොල් බිත්තියක පළල ඇති මෙම ගොඩනැගිල්ලේ ජනේලයක් අසල පුටුවක් තබාගන්නටවත් එහි ජීවත්වන්නන්ට නොහැකි බව පැවසේ. මේ ගැටලුවට නිවැසියන් විසඳුමක් සොයාගෙන ඇති අතර ඔවුන් ජනේලය අසල බැල්කනිය ලොකුකර පුටුවක් තබා ගැනීමට හැකිවන ආකාරයට සකසා තිබේ.
ගොඩනැගිල්ලේ තුනී බව නිසාම එයට ‘චීනයේ පැතලිම ගොඩනැගිල්ල’ යන නම ලැබි තිබේ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් මැන්හැට්න් ප්රදේශයේ පිහිටි ජනප්රිය පැතලි ගොඩනැගිල්ලට මෙය සමාන බව බොහෝ දෙනාගේ අදහසය.
(ඩේලි මේල්)
(ඩේලි මේල්)