-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මෙච්චර කාලෙකට ලැබුණු වටිනම තෑග්ග?
ඒක කියන්න බැරිදෙයක්.

රස කෑමක් කිව්ව ගමන්ම මතක් වෙන්නේ?
චොකලට්

හුඟක්ම පුදුම හිතුණේ?
මාව ටෙලිනාට්‍යයක රඟපාන්න තෝර ගත්ත කියන ආරංචිය ලැබුණ වෙලාවේ.

අමතක නොවන ගමන?
මං හිතන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම ට්‍රිප් එකක් ගියා. කාර් එක අරගෙන තව මල්ලි කෙනකුත් දාගෙන ගොඩාක් දුර ගියා. යන යන තැනදි හිතෙනවා තව දුර යන්න ඕන කියලා. එහෙම හුඟක් දුර ගියා.

මුණ ගැහුණ විශ්වාසවන්තම පුද්ගලයා?
දැනට තරමක් දුරට විශ්වාස කරන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ සහාය රංගන ශිල්පියා මලින්ද පෙරේරා.

ගැහැනියක් වෙලා ඉපදීම අපරාදේ කියලා හිතුණේ?
ඔව්. එහෙම හිතිලා තියෙනවා. ඒත් ඒ අවස්ථාව කියන්න බෑ.

ගැහැනියක් වීම සතුටක් කියලා දැනුණේ?
ගොඩක් අයගේ ආකර්ෂණය ලැබෙන වෙලාවට ගැහැනියක් වීම ගැන හරි සතුටුයි.

හුඟක්ම හිත උණු වුණේ?
මගේ තාත්තා සහ බාප්පා මියගිය දවස.

අප්පිරියසහගතම හැඟීම?
සර්පයෝ තමයි. මම ආ... ස... නෑ...

හුඟක්ම බය හිතුණේ?
හොල්මන්වලට තමයි බය. මගේ පළමුවැනි ටෙලි නාට්‍යය රූගත කළේ බදුල්ලේ තේ වත්තක තියෙන ලොකු බංගලාවක. ඒකේ බාත්රූම් එකත් ලොකුම ලොකුයි. ඉතිං බාත්රූම් එකට යන්නේ හරි බයෙන්. ජනේලෙ දිහා බලාගෙන තමයි නාන්නෙත්. දවසක් මම නාද්දි එක පාරටම දැක්කා ජනේලෙන් කවුද කෙනෙක් ඔළුව දානවා. ටික වෙලාවක් යද්දි ඒ ඔළුව එක පාරටම ලොකු ඔළුවක් බවට පත්වුණො. ඉතිං මම හොඳටම බයවෙලා කෑගහගෙන නනා හිටපු විදියටම තමයි එළියට දිව්වේ.

රෝගයක් නිසා හොඳටම වේදනා වින්දේ?
මීට අවුරුදු 5කට 6කට කලින්. ඔම්ලට් එකක් හදන්න ගිහිල්ලා තමයි ඒ දේ සිද්ධ වුණේ. සාස්පානට තෙල් දාලා තියෙනවා මම දැක්කෙ නෑ. කුකර් එක ළඟ ලයිට් එක තිබුණෙත් නෑ. මම ගිහින් සාස්පාන ඉස්සුවා විතරයි මගේ වම් අතේ ඔරලෝසුව දාලා තියෙන තැනටම තෙල් වැටුණා. එදා තරම් මගේ ජීවිතයේ වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිල නෑ. මම හතුරකුටවත් ඒ වගේ වේදනාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ.

කීයක් හරි අතට ගත්තේ?
ඉස්කෝලේ පහේදි හයේදි වගේ. මම ළමයින්ට ස්ටිකර් විකුණනවා. කඩෙන් රුපියල් 5ට විතර ස්ටිකර් කොළේම අරගෙන එකක් රුපියල් 2කට විතර විකුණනවා. ලස්සන ස්ටිකර් වැඩි ගාණට විකුණනවා.

හුඟක්ම සතුටු වුණේ?
මම පළමුවැනියටම රංගනයට එකතු වුණ දවසෙත්, මගේ රංගනය වෙනුවෙන් පළමුවැනියටම සම්මානයක් ලැබුණ දවසෙත් හුඟක්ම සතුටු හිතුණා. 11 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී මට නැඟී එන හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ලැබුණා.

පරාජිත හැඟීමක් දැනුණේ?
බලාපොරොත්තු කඩවුණ හැම අවස්ථාවකදීම එහෙම දැනෙනවා.

වැඩිපුරම කේන්ති ගියේ?
අඩුපාඩුවක් නැතිව කේන්ති යනවා.

ජීවිතයේ පසුතැවීමක්?
මගේ ජීවිතයේ පසුතැවීම් නෑ. ඔක්කොම තියෙන්නේ පාඩම්.

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව තදින්ම දැනුණේ?
තාත්තාගේ වියෝව. මං ආදරය කරන අය මගෙන් දුරස්වීම වගේ දේවල් මට හරි වේදනාකාරියි.

පේ‍්‍රමනීය සිතුවිලි පහළ වුණේ?
අපෝ සෑහෙන්න පහළවෙලා තියෙනවා. දකින දකින කෙනාට මට හිත යනවා. ලස්සන දෙයක් දැක්ක ගමන් හිත යනවා.

පෙම්වතියක් වුණේ?
මම පාසල් යන කාලෙදි. ඒ ආදරය හරිම සුන්දරයි. මම එතකොට ලව් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෑ. මංජුල කියලා අයියා කෙනෙක්. ඒ දවස්වල එයා කැම්පස් එකේ හිටියේ.

පෙම්වතාගෙන් මුලින්ම ලැබුණ සිහිවටනය?
මට ඉංග්‍රීසියෙන් ලියපු කාඩ් එකක් දුන්නා. ඒ දවස්වල ඉතිං කියව ගන්නත් බෑ. ඩික්ෂනරි පෙරළ පෙරළ කාඩ් එකේ තිබුණ දේවල් කියව ගන්න ට්‍රයි කළා.

වඩාත්ම සංවේදී කරවපු ගීතය?
'ආදරයේ වේදනාව හිතට දැනෙන යම් දවසක, හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා.'

කියවන්න ආසම පොත?
'වැස්ස වළාහක.'

මුල්ම විදෙස් සංචාරය?
මැලේසියාවට ගියා මොඩ්ලින් කටයුත්තකට.

මුලින්ම කැමරාවක් ඉස්සරහා හිටගත්තේ?
'හිම රෝස' කියන පත්තරේට ප්‍රභාත් කියන ඡායාරූප ශිල්පියා තමයි මගේ මුල්ම ෆොටෝ ෂූට් එක කළේ.

රංගනයේදී වඩාත්ම අපහසුතාවට පත්වුණේ?
ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ගේ කැරැක්ටර් එකකට මුලින්ම මට රඟපාන්න සිද්ධ වුණා. එතකොට මම ඉස්කෝලෙත් යනවා. මට හරි... ලැජ්ජයි ඒ විදියට ඇවිදින්න. ඒක තමයි අපහසුම රංගනය. එතකොට අපේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අම්මාව මතක් කරගෙන අම්මාව අනුකරණය කළා.

ලොකුවටම හැදුණු කටකතාව?
මම කටකතාවලට ප්‍රමුඛත්වයක් දෙන කෙනෙක් නෙවෙයි.

දැකපු සුන්දරම හීනය?
අර ඇවටර් ෆිල්ම් එකේ වගේ මිනිස්සු ඉන්න සිහින ලෝකෙක මම ජීවත් වුණා. ලස්සන ගස් - වැල්, මල්, පිරිච්ච ලෝකයක්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week