මහේල මේ දිනවල සිටින්නේ ඉතා සතුටිනි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන හේතු දෙකක් තිබේ.එකක් නම් ඔහු පසුගියදා තාත්තා කෙනෙකු බවට පත් වීමයි. ඔහුට කුළුදුලේ ලැබුණු දරුවා සුරතල් දියණියකි. දෙවැනි හේතුව සම්මානයකි. මේ වසරේ, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනැමෙන අයි.සී.සී සම්මානය හිමි වූයේ මහේලටය. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කැළුම් ශ්‍රීමාල් ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ වෙනුවෙන් මහේල සමග පිලිසඳරකට එක් වූයේ මේ කාරණා සියල්ල නිමිති කරගනිමිනි. මහේලගේ ජීවිතයේ අපූරු සහ අප්‍රකට සිදුවීම් මෙන්ම අත්දැකීම්ද කැටි කොටගත් එම රසබර පිලිසඳරේ පළමු කොටසයි මේ:
තාත්තා කෙනෙක් වීම ගැන අපි මුලින්ම සුබ පතනවා
බොහොම ස්තුතියි.. විශේෂයෙන් මගේ ක්‍රිකට් ජීවිතයේ අන්තිම කාලයේ මම හුඟක් කැමැත්තෙන්, උනන්දුවෙන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ඉටු වීම ගැන මටත් හුඟක් සතුටුයි. ඉදිරියේදී මට මේ අලුත් තනතුර, පිය පදවිය ගැන ලොකු අවධානයක් යොමු කරල කටයුතු කරන්න පුළුවන් වේවි, ඒ වගකීම හොඳින් ඉෂ්ට කරන්න පුළුවන් වේවි කියල හිතනවා.

ඒ කියන්නෙ පහුගිය කාලෙ යම් පවුල් සැලසුමක් ඇති කරගෙනද හිටියෙ?
නැහැ. එහෙමමත් නෙවෙයි. නමුත් පහුගිය කාලෙ මට හුඟක් රටවල්වල ක්‍රිකට් සංචාරවලට සහභාගි වෙන්න සිද්ධ වුණා. මගේ බිරිඳ ක්‍රිස්ටිනාත් නිතරම වගේ මාත් එක්ක ඒ ගමන්වලට සහභාගි වුණා. අපි තරමක් කාර්යබහුල තත්ත්වයක හිටියෙ. නමුත් දැන් අපි තීරණය කළා මේ කාලෙ හොඳයි කියල දරුවෙක් හදාගන්න. ඉතින් ඒක ඒ විදියටම ඉටුවීම ගැන අපි සතුටු වෙනවා.

සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනෙ තාත්තල දුවෙක් හම්බ වුණාම වෙනදට වැඩිය හුඟක් සකසුරුවම් වෙනව කියල? මහේලටත් දැන් දියණියක් තමයි ලැබිල තියෙන්නෙ?
ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. මම කොහොමත් කැමැත්තෙන් හිටියෙ දුවෙකුට. ඒ කියන්නෙ පුත්තුන්ට ආස නැහැ කියනව නෙවෙයි. නමුත් මට හිතුණ දුවෙක් ඉන්නකොට පීඩනය ටිකක් අඩුයි කියල. (සිනා)

ඒ කියන්නෙ පුත්තු ඉන්නකොට පීඩනය වැඩියි කියල හිතුවද?
(සිනාසී) නැහැ නැහැ......එහෙමම නෙවෙයි..නමුත් පළමුවෙනි දරුව කෙල්ලෙක් වෙනවට කැමැත්තක් තිබුණ.

‘ක්‍රිකට් ජීවිතයේ අන්තිම කාලෙ’ කියල කතාවකුත් මුල් හරියෙදි කියවුණා? ඇයි එහෙම කතාවක් කිව්වෙ?
නැහැ කැළුම්..අපි ඉතින් කවදහරි යථාර්ථයට මුහුණ දෙන්න ඕනා. ඒක පිළිගන්න ඕනා. අපේ වයසත් එක්ක බැලුවම අපි දැනගන්න ඕන අපිට කරන්න පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද කියල. ඉතින් ඒ අනුව අපි යථාර්ථවාදීව හිතන්න ඕන. මගේ අදහස මේ අන්තිම ටිකේ හොඳින් ක්‍රීඩා කරල, තව ජයග්‍රහණ ටිකක් ලබා දීල, ලෝක කුසලානයක් දිනාදෙන්න, හැකි උපරිමයෙන් කටයුතු කරන එකයි. මම හිතන්නෙ නැහැ මේකෙන් පස්සෙ මට ආපහු තව ලෝක කුසලානයකට ක්‍රීඩා කරන්න ලැබෙයි කියල. මොකද ඒ වෙනකොට මට වයස අවුරුදු හතළිහක් විතර වෙනව. එතකොට ලෝක කුසලානයකට ක්‍රීඩා කරන්න තරම් කායික, මානසික තත්ත්වයක් තියෙයි කියල මට හිතන්න අමාරුයි. ඉතින් හරි කාලෙට, හරි වෙලාවට ක්‍රීඩාවෙන් සමුගන්න තීරණයක් ගත යුතුයි.

පොඩ්ඩක් අතීතයට ගියොත් ඔබ පාසලෙන් පිටවෙලා ඉතා කෙටි කාලයක් තුළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි කරගත්තු ක්‍රීඩකයෙක්. මොකද ඒ ගැන අද හිතෙන්නෙ?
ඔව් මට වාසනාවක් තිබුණ ඒ වගේ...
ඔව් මට වාසනාවක් තිබුණ ඒ වගේ...
ඒ කියන්නෙ ඔබට වාසනාව ගැනත් විශ්වාසයක් තියෙනව කියන එකද?
මෙහෙමයි, ඒ වෙලාවෙ කණ්ඩායමේ හුඟක් හොඳ ක්‍රීඩකයො හුඟ දෙනෙක් හිටිය. 1996 ලෝක කුසලානයත් දිනල හිටපු කණ්ඩායම. ඉතින් ඒ වගේ ප්‍රබල කණ්ඩාමක් ඉන්දැද්දි අලුතෙන් කෙනෙකුට කණ්ඩායමට ඇතුළු වෙන එක ඒ තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. නමුත් ‘වාසනාව‘ කියල අදහස් කළේ ඒ අවස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙන්නෙක්ම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකදී ආබාධයට ලක්වුණා. ඔවුන් ආබාධයට ලක්වීම ගැන මම සතුටු වුණා කියන එක නෙවෙයි මම කියන්නෙ. නමුත් ඒ ඔස්සේ තමයි මට ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න ඉඩ විවර වුණේ. මට මතක හැටියට හෂාන් අයියයි, තව එක්කෙනෙකුයි තමයි මේ විදියට ආබාධයට ලක් වුණේ.
ඉතින් ඒ වෙලාවෙ ලැබුණු ඒ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජනය අරගත්ත. එහෙම නැතුව බැහැ. යම් විදියකින් අපි ඒ ප්‍රයෝජනය නොගත්ත නම් මට ලොකු අවාසියක් වෙන්න තිබුණ. මොකද ඒ වෙනකොටත් තවත් දක්ෂ ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් හිටිය අපි වටේ, කණ්ඩායමට ඇතුළු වෙන්න බලාගෙන. නමුත් මම හොඳින් ක්‍රීඩා කරපු නිසා මට දිගටම සංචිතයේ රැඳී ඉන්න පුළුවන් වුණා.

ඔබ ඉගෙන ගත්තු පාසලෙනුත් මම හිතන්නෙ ඔබේ ක්‍රිකට් ජීවිතයට ලොකු සහයෝගයක් ලැබුණ?
ඔව්..මම ඉගෙන ගත්තෙ කොළඹ නාලන්ද විද්‍යාලයේ. කව්රුත් දන්නව නාලන්ද විද්‍යාලය කියන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් තිබෙන පාසලක්. ආදි ශිෂ්‍යන්ගේ ඉඳල, පුහුණුකරුවන්ගේ ඉඳල, ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගේ ඉඳල ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ලැදියාවක් තිබුණ. ඉතින් මේ පසුබිම තුළ නාලන්දයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට විශාල ශක්තියක් ලැබෙනවා ඉදිරියට යන්න.

කවුද පාසලේදි ඔබට මග පෙන්වපු අය? නම් වශයෙන් කියන්න පුළුවන්ද?
ලෙස්ලි නාරංගොඩ සර් තමයි අපේ පුහුණුකරුවා වුණේ. මං හිතන්නෙ සර් තවමත් පාසලේ පුහුණු කිරීම් කටයුතු කරනව. ඒ වගේම හේමන්ත දේවප්‍රිය, බන්ධුල වර්ණපුර, ජයන්ත සෙනෙවිරත්න වගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලොකු උදව්වක් ලැබුණ මගේ ක්‍රීඩාව හදාගන්න.

පාසල් කාලය ගැන අමතක නොවන සිදුවීම් මොනවද?
අපි ඉතාම විනෝදයෙන් ගත කරපු සුන්දර කාලයක්. විශේෂයෙන් මතක දෙයක් තමයි අපි කෝකාකෝලා කුසලානය පිට පිට තුන්වතාවක්ම පාසල වෙනුවෙන් ජයග්‍රහණය කළා. ඒක විශේෂ සිද්ධියක් හැටියට මට තවමත් මතකයි.

කලකට ඉහත ජීවිතයෙන් සමුගත් ඔබේ සහෝදරයාත් ඒ දවස්වල පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කළා?
ඔව් 13න් පහළ සහ 15න් පහළ ඔහුත් ක්‍රීඩා කළා.

පාසලේ ක්‍රීඩා කරපු කාලේ කවුරුහරි ඔබට කිවුවද කවදහරි ඔබට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියල?
නැහැ..එහෙම විශේෂයෙන් කවුරුවත් කිව්ව කියල මතකයක් නැහැ. කොහොමත් 13න් පහළ, 15න් පහළ ක්‍රීඩා කරද්දි නම් එහෙම විශේෂයක් තිබුණෙ නැහැ. නමුත් 17න් පහළ ක්‍රීඩා කරද්දි තමයි යම් කිසි උනන්දුවක් ඇති වුණේ.

ඒ කියන්නෙ ඔබට හිතුනද ශ්‍රී ලංකා පිලට ඇතුළත් වෙන්න පුළුවන් වේවි කියල?
එක්තරා දුරකට මට එහෙම හිතුණ. නමුත් ඒ එක්කම හිතුණ මට ඒකට හුඟක් මහන්සි වෙන්නත් වෙයි කියල. මට ප්‍රශ්නය තිබුණෙ මම ක්‍රීඩා කරපු විදියෙ, තාක්ෂණයේ නොවෙයි. මානසිකව ඒ තත්ත්වයට හැඩ ගැහෙන්න ලොකු මහන්සියක් දරන්න වෙයි කියන එකයි තිබුණු ලොකුම අභියෝගය. කෙසේ හෝ මම ඒ අභියෝගය ජයගත්ත. ඒ නිසා තමයි හුඟක් ළාබාල වයසෙදිම ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ.
මම කියන්න ඕනෙ, ඕනෑම තරුණ ක්‍රීඩකයෙක්ගෙ හිතේ කවදත් ඇති වන සිහිනයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක. ඒක කවදා ඉෂ්ට වෙයිද කියල කියන්න බැරි වුණත් ඕනෑම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු තුළ ඒ ආශාව, බලාපොරොත්තුව තියෙනවා. මා තුළත් ඒක තිබුණෙ නැහැ කියල කියන්න බැහැ.

ශ්‍රී ලංකා පිලට එන්න නම් මානසිකව ඒ සඳහා හැඩ ගැහෙන්න ලොකු සටනක් කරන්න වෙයි කියල ඔබට හිතුණු බව කිව්වා. නමුත් මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටි කාලයේම තමයි ඔබේ සහෝදරයාගේ අකල් මරණය සිද්ධ වුණේ. මේ සිද්ධිය ඔබට විශාල කම්පනයක් ඇති කළා. මානසික වශයෙන් විශාල කඩා වැටීමක් ඇති කළා.
ඔව්......මල්ලි මගේ ජීවිතයට ඉතාම සමීපව හිටපු කෙනෙක්. අපි එකට ක්‍රිකට් ක්‍රීඩාවෙත් නිරත වුණා. ඉතින් ඔහු අකාලයේ අපෙන් වෙන්වෙලා ගියාම ඒක මා තුළ විශාල කම්පනයක් ඇති කරපු එක පුදුමයක් නෙවෙයි.

ඔබ කියල තිබුණා ඔහු ඔබට වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලත්?
ඔව්......මට මතකයි සමහර තරගවලදී මල්ලි මට වඩා හුඟක් හොඳට ක්‍රීඩා කළා. අපි පරාද වෙන්න යන තරග බොහොමයක් ඔහු දිනවල දීල තියෙනවා. සමහර අවස්ථාවල මට හිතිල තිබුණ ඔහු හිටියනම් මටත් වඩා හොඳ ක්‍රීඩකයෙක් වෙන්න තිබුණ කියල. අවාසනාවකට තමයි ඔහු පිළිකා රෝගයට ගොදුරු වුණේ. ඇත්තටම ඔහු අසනීප වෙච්ච වෙලාවෙ මම විතරක් නොවෙයි අපේ පවුලෙ හැමෝම විශාල මානසික කඩා වැටීමකට, පසුබෑමකට ලක් වුණා.ඒක අපි කාටත් දරාගන්න අමාරු තත්ත්වයක් බවට පත් වුණා. ඔහු අපෙන් සමුගෙන අවුරුදු ගණනාවක් යනතුරු අපි මේ නිසා විශාල වේදනාවක් වින්ද. මම හිතනව ක්‍රිකට් ක්‍රීඩාව මට උදව් වුණා කියල මේ මානසික කඩා වැටීමෙන් නැවත ගොඩ එන්න.

කීර්තිමත් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා ඔබේ ක්‍රිකට් ජීවිතයට හුඟක් බලපාපු කෙනෙක්. මට මතකයි ඔබේ මව කියනව ඒ දවස්වල ඔබව ලයනල් මෙන්ඩිස් ළඟ පුහුණුවීම්වලට ඇරලවල, ඔබ පුහුණුවීම් ඉවර වෙනකම් දවස පුරාම එතනට වෙලා පත්තර කියව කියව ඉන්නව කියල?
ඔව් අම්ම තමයි ඒ දවස්වල නිතරම වගේ මාව පුහුණුවීම්වලට එක්ක යන්නෙ. ලයනල් මෙන්ඩිස් සර් තමයි හැමෝටම කලින් මගේ පුහුණුකරු වුණේ. ඒක මම විශේෂයෙන් කියන්න ඕනෙ. මම මුලින්ම ඔහු ළඟට යනකොට වයස අවුරුදු හතක් විතර ඇති. වයස 13 වෙනකම්ම වගේ මම ඔහු ළඟට පුහුණුවීම්වලට ගියා. තවමත් සමහර අවස්ථාවල මම ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගන්නව.

ඔබ නිතරම කියන දෙයක් තමයි ඔබේ ප්‍රියතම පහර පෙර පාදයේ ක්‍රීඩා කරන ආරක්ෂාකාරී පහර (ෆෝවර්ඩ් ඩිෆෙන්ස්) කියන එක?
(සිනාසී) ඔව්..ලයනල් මෙන්ඩිස් සර් මට මුලින්ම කියල දීපු පහර තමයි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක. ඔහු කිව්ව දේ තමයි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක හරියට සෙල්ලම් කරන්න පුළුවන් නම් අනික් ඕනම පහරක්, ඕනම තණතිල්ලක, ඕනම වෙලාවක හරියට සෙල්ලම් කරන්න පුළුවන් කියන එක.

අපි නිතරම දකින තව අපූරු දෙයක් තමයි ඔබ හයේ පහරක් හරි, හතරේ පහරක් හරි ගහපු හැම වෙලාවකම තණතිල්ලෙ අනික් පැත්තෙ කඩුල්ල ළඟට ගිහින් එතන ක්‍රීස් එකට පිත්ත තියල ආපහු එන එක. ඒ වගේ පුරුද්දක් ඇති වුණේ කොහොමද? ඒකෙන් යම් කිසි මානසික සහනයක් වගේ දෙයක් ලැබෙනවද?
ඒකටත් අපූරු හේතුවක් තියෙනව. මම පාසලේ ක්‍රීඩා කරන කාලෙ නිතරම වගේ සිද්ධ වෙන දෙයක් තමයි මම හයේ පහරක් හරි හතරෙ පහරක් හරි ගැහුවට පස්සෙ ඊළඟ පන්දු කිහිපයේදි අවුට් වෙනව. ඒක අර පහරෙන් දැනෙන සතුට නිසා මගේ මානසික ඒකාග්‍රතාව බිඳවැටීම නිසා සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. මේකට යම් කිසි පිළියමක් යොදන්න මට අවශ්‍ය වුණා. ඉතින් මම පුරුදු වුණා හයේ නැත්නම් හතරේ පහරක් ගැහුවට පස්සේ අනික් පැත්තට දුවල ගිහින් පිත්ත තියල ආපහු මේ පැත්තට එන්න. මම හිතන්නෙ ඒකෙන් අර පහර සම්පූර්ණයෙන්ම ඉවර කළා කියන හැඟීමක් මගේ යටිසිතේ තහවුරු වෙනව ඇති. ඒ කියන්නෙ, හයේ පහර දැන් ඉවරයි, නැත්නම් හතරෙ පහර දැන් ඉවරයි, ඊළඟ පන්දුවේ ඉඳන් ආපහු අලුතෙන් මම පන්දුවට පහර දෙන්න ඕනෙ කියල, අර පහර සම්පූර්ණයෙන් අමතක කරල ඒකාග්‍රතාව ඇති කරගන්න පුරුද්දක් මගේ තියෙනවා. නැත්නම් ඊළඟ පන්දුවෙන් අවුට් වෙන්නත් ඉඩ තියෙනවා කියන හැඟීමකුත් හිතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. කොහොම හරි මේක මම ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම කරපු දෙයක්. ඉතින් ඒක මට හුඟක් උදව් වෙච්ච දෙයක් නිසා ඒක මම දිගටම කරගෙන ගියා.

ඔබ ජාතික කණ්ඩායමට ආවට පස්සෙ කවුද ඔබට වඩාත්ම සමීපව හිටපු යාළුවො?
මම කණ්ඩායමට ආපු මුල් දවස්වලම මාත් එක්ක හුඟක්ම සමීප වුණු පුද්ගලයා තමයි මුරලි. ඒ යාළුකම තවමත් අපි අතරෙ ඒ විදියටම තියෙනව. ඊළඟට චමින්ද (වාස්). ටික කාලෙකට පස්සෙ සංගා, රසල් වගේ අයත් කණ්ඩායමට එක් වුණා. අපි පාසල් කාලයේ ඉඳන්ම එක වයසේ සමකාලීන ක්‍රීඩකයින්. ඉතින් පසුකාලයේ ඔවුන් මගේ සමීප මිතුරන් බවට පත් වුණා. නමුත් මුරලි, චමින්ද එක්ක ඇති වුණු මිත්‍රත්වය තවමත් ඒ විදියටම තියෙනව.

ඔබ මුල් කාලෙ පන්දු යැවීමේත් නිරත වුණා නේද?
ඔව් ටික කාලයක් පන්දු යැව්ව. නමුත් මට වයස අවුරුදු විසි හය විතර කාලෙ මගේ කොන්දෙ ආබාධයක් මතු වුණා. පන්දු යවද්දි මේක ටිකක් වැඩි වෙනව වගේ දැනෙන්න ගත්ත. ඒ පාර ඒක ටිකක් අඩු කළා. නමුත් තවමත් ඉඳහිට පන්දු යවනව. ඒත් ඉස්සර තරම් හොඳට ඒ වැඩේ කරන්න බැහැ.

කැළුම් සමග කෙළින් කතාව lakbima newspaper